28 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී රංගා පාපන්දුවේ මුල් පුටුවට

ශ්‍රී රංගා පාපන්දුවේ මුල් පුටුවට

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී රංගා තේරී පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද (14) දහවල් පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී රංගා මනාප 27ක් ලබා ගනිමින් සභාපති තනතුරට පත් වුණා
.
හිටපු සභාපති ජස්වර් උමාර්ට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් වී තිබීම හේතුවෙන් නිල වර්ණ කමිටුව මඟින් උමාර්ව ඉවත් කළ අතර, ඔහුගේ පාර්ශ්වයෙන් නිලවරණයට තරග වැදුණේ ජගත් රෝහණයි.

එහිදී ජගත් රෝහණ හිමිවුණේ මනාප 24ක් පමණයි.

කෙසේ වෙතත් මෙම නිලවරණයෙන් තේරී පත් වූ නිලධාරි මණ්ඩලය මාස 05 කාලයක් එම තනතුරුවල කටයුතු කරන අතර, ලබන මැයි මස 31ට පෙර යළින් පාපන්දු නිලවරණය පැවැත්වීමට නියමිතයි.