26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෛත්‍රී සහ ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ගැටෙයි

මෛත්‍රී සහ ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ගැටෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර අද පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆොන්සේකා මහතා අද විවාදය අතර පෙන්වා දුන්නේ 2019 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ පරිදි රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවීමට හිටපු ජනාධිපතිවරයා මහජනතාවගෙන් මුදල් අයකර ගැනීමේ උත්සාහයක නිරත වන බවටයි.

පිටකොටුවේ සිට කැට තබාගෙන මුදල් එකතු කරන පුද්ගලයන් රටේ ජනාධිපතිවරයා ලෙස පත් කළහොත් රටට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆොන්සේකා වැඩිදුරටත් සඳහන් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ යුද හමුදා මූලස්ථානය බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ අයෙකුට තමන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට අයිතියක් නොමැති බවයි.

ෆොන්සේකා මහතා සිරෙන් නිදහස් කර නැවත ෆීල්ඩ් මාෂල් ධූරයට පත් කිරීමට හේතුව තමා බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සිහිපත් කළේය.