27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋසස් පෙළ උත්තර පරීක්ෂකයන්ගේ ගාස්තු ඉහළට

උසස් පෙළ උත්තර පරීක්ෂකයන්ගේ ගාස්තු ඉහළට

අ.පො.ස උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් කරන ගෙවීම් ඉහළ නැංවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් සිටින බව  කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එම ගෙවීම් ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය අනුමැතියක් ලබා දුන් බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡා කර එම ගෙවීම් සිදු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

විභාග ප්‍රතිඵල පමා වුවහොත් එයින් මෙම විභාගයට පෙනී සිටින 3,29,000ක් පමණ වන දරුවන්ගේ ජීවිතවලට වන බලපෑම ගැන සිතා මෙම පියවර ගත් බව ද ඇමතිවරයා කීවේය.  

ඇමති බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.