26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසබරගමුව සරසවිය නැවත දැනුම්දෙන තෙක් වැසේ

සබරගමුව සරසවිය නැවත දැනුම්දෙන තෙක් වැසේ

සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දමා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් උපකුලපතිවරයා ඒ බව සඳහන් කර ඇත.

ඒ අනුව නේවාසික පහසුකම් ලබා දී ඇති සියලූම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බව දැනුම් දී ඇත.

එමෙන්ම සියලුම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් ශිෂ්‍යයින් අද (16) දින පස්වරු 4ට පසුව විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීම තහනම් බව ද වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පළමු වසර සිසුන්ට කළ පහරදීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.