― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalරුපියල ස්ථාවර වූ බවට නගන ඝෝෂාව විහිළුවක් - පෙරටුගාමී සමාජවාදී පක්ෂය 

රුපියල ස්ථාවර වූ බවට නගන ඝෝෂාව විහිළුවක් – පෙරටුගාමී සමාජවාදී පක්ෂය 

ගිය සතියේ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පවා මුදල් නැති බව පැවසූ ආණ්ඩුව එක් වරම රුපියල ස්ථාවර වූ බවට නගන ඝෝෂාව විහිළුවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඒ බව පැවසුවේ ඊයේ 03කළුතර රෝලන්ඩ් උත්සව ශාලාවේ ” ඡන්ද නෑලු උන්ට බෑලු ” තේමාවෙන් පැවති සම්මන්ත්‍රණයකදීය. එහිදී වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ විය.

” ගිය අවුරුද්දේ අප්‍රේල් සිට ණය වාරික ගෙවන්නේ නෑ ණය වාර්‍රික නොගෙවනවානම් විදුලි බිල් ජල බිල් දුරකථන බිල් ගෙවන්නේ නැතිනම් අපේ ගෙදර ආර්ථිකය වුණත් ස්ථාවර වෙනවා. ණය වාරික වලින් රුපියලට එන පීඩනය අඩු වුණාම රුපියල ශක්තිමත් වෙනවා තමයි. අනෙක් එක රුපියල ඩොලරයට සාපේක්ෂව තද කරලා අල්ලගෙන ඉදලා එක පාරටම අත ඇරියාම ගොඩක් උඩට යනවා. ආපහු පහල අගයක ස්ථාවර වෙනවා. මේ වෙන්නේ ඒක.

රුපියල කෘත්‍රිම අගයක තියා ගත්තේ උන්ඩියල් හවාලා වගේ ජාවාරම් වලට ඉඩ හදා ගන්න. ඒ වන්දිය දැන් මුළු රටක්ම ගෙවනවා. ඒ වගේම ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙලා පරිභෝජන මට්ටම් අඩු වෙද්දී රුපියලේ අගය වැඩි වෙනවා. දැන් ඉන්ධන පරිභෝජනය 40%කින් අඩුවුණා. විදුලිය පරිභෝජනය  8 %කින් අඩු වුණා. එතකොට නිෂ්පාදනයත් පරිභෝජනයත් අඩුවෙලා රුපියල මත පීඩනය අඩු වෙනවා. ඒකෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ටිකක් වැඩි වුණාම ඒක ආර්ථික වර්ධනයක් නෙවෙයි. ආර්ථික බිද වැටීමේ ප්‍රකාශනයක්.

මේක හරියට අර ජාතක කතාවක සුරාසොඬෙක් ගිරි කුලකින් පහලට වැටෙන කොට ඇඟේ වදින සුළං සැපයි කිව්වා වගේ. ආර්ථිකය වැටෙමින් තිබෙනවා. නිෂ්පාදනය වැටෙනවා. රැකියා සහ ජීවනෝපායන් අහිමි වෙනවා. ජනතාවගේ ජීවන මට්ටම් පහලටම වැටෙනවා. ඒ අර්බුදය මැද මේ ගොල්ලෝ රුපියල ස්ථාවර වීමක් ගැන පුරාජේරු කියනවා. ආර්ථිකය ගොඩ ගිහින්නම් මැතිවරණයට කඩදාසි ටික මුද්‍රණය කරන්න. ජනතාව රනිල් රාජපක්ෂ කල්ලියේ ඔය බොරු වලට රැවටෙන්නේ නෑ.