28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsභූ කම්පනයෙන් දිවි ගලවාගත් පුංචි නබිල්ගේ සිහිනය සැබෑ කළ රොනාල්ඩෝ

භූ කම්පනයෙන් දිවි ගලවාගත් පුංචි නබිල්ගේ සිහිනය සැබෑ කළ රොනාල්ඩෝ

සිරියාවේ සහ තුර්කියේ සිදු වූ විනාශකාරී භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සඳහා උපකාර කිරීම වෙනුවෙන් ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් භාණ්ඩ පිරවූ ගුවන් යානයක් යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කූඩාරම්, ආහාර පැකේජ, කොට්ට සහ බ්ලැන්කට්, ඇඳන්, ළදරු ආහාර, කිරිපිටි සහ වෛද්‍ය උපකරණ මෙලෙස යවා ඇති භාණ්ඩ තොගයට අයත්.

මේ අතර භූ කම්පනයෙන් දිවි ගලවාගත් 10 හැවිරිදි සිරියානු පිරිමි දරුවෙකුගේ සිහිනයක් සැබෑ කරදීමට ද මෙම සුපිරි පාපන්දු ක්‍රීඩකයා පසුගිය දා කටයුතු කර තිබුණා.

ඒ,නබිල් සයීඩ් නමැති එම දරුවා සෞදි අරාබියානු මුදාගැනීමේ කණ්ඩායම්වලින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.

ඒ, අනුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහභාගී වෙන තරගයක් නැරඹීම සඳහා මෙම දරුවාට ආරාධනයක් ලැබුණු අතර, එහිදී රොනාල්ඩෝ සමඟ සුහද කතා බහක නිරතවීමට ද කුඩා නබිල්ට අවස්ථාව හිමි වුණා.