28.9 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවීරකැටිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07ක් රිමාන්ඩ්

වීරකැටිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07ක් රිමාන්ඩ්

වීරකැටිය, අන්තනයාල ප්‍රදේශයේ දී ඊයේ (06) ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07දෙනෙකු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

වීරකැටිය, අන්තනයාල ප්‍රදේශයේ පොලීසිය සහ ගම්වාසින් අතර ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරින් 08 දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබුණි.

වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් ඊයේ පස්වරුවේ සිවිල් ඇඳුමින් සැරසී අත්තනයාල ප්‍රදේශයට ගොස් තිබුණේ අපරාධ සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීම සඳහාය.

කෙසේවෙතත් එම මෙහෙයුමෙන් පසු යළි පැමිණෙමින් සිටි සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරින් පිරිසට, මාර්ගයේ රැඳීසිටි තරුණයින් පිරිසක් ප්‍රශ්න කිරීමත් සමග යම් බහින්බස්වීමක් සිදුවී තිබුණි.

අනතුරුව එම බහින්බස්වීම ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත.

ගැටුමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරින් 07දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිට තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

පොලීසිය පැවසුවේ, ගැටුම අතරතුර සිවිල් වැසියෙකු වීරකැටිය පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ කන් දෙක සපා කා ඇති අතර එක් කනක් වෙන්වී ඇති බවය.

ඒ අනුව, අදාළ උප පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර තිබේ.