13.3 C
London
Wednesday, March 22, 2023

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ මුදල්වලින් මිලදී ගත් ඉඩම සහ නිවස රාජසන්තක කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් තරුණියක් සහ තවත් පුද්ගලයෙකු මිලදී ගත් බව කියන වැලිවේරිය ප්‍රදේශයේ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩම සහ නිවස ගම්පහ මහාධිකරණ නියෝග මත රාජසන්තක කර තිබෙනවා.

රුපියල් කෝටියකට අධික මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සහ ඔහුගේ පෙම්වතිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ සිදු කළ විමර්ශනවලින් අනාවරණය වූ තොරතුරු අනුව මෙම පියවර ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කර ඇත්තේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් 2021 වසරේ ජූලි මස 19 වෙනි දින මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 225 ක් සහ එම ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 869,800 මුදලක් සමග මිරිහාන රජමහා විහාර මාවත පදිංචි සැකකරුවෙක් සහ ඔහුගේ පෙම්වතිය බව කියන බොරැල්ල සර්පන්ටයින් පාර පදිංචි තරුණියක් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු සහ සැකකාරිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා සිදුකළ නියෝගයක් අනුව සිදු කළ විමර්ශනවලින් අනතුරුවයි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් වලින් එම නිවස මිලදී ගත් බවට අනාවරණ වී ඇත්තේ.

නීති විරෝධී ආකාරයට උපයා ගත් මුදල්වලින් මිලදී ගත් දේපළ සම්බන්ධයෙන් 2011 අංක 40 පනතින් සංශෝදිත මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ 8 (2) වගන්තිය ප්‍රකාරව මෙම නිවස ඉඩම ගම්පහ මහාධිකරණය මගින් ක්‍රියා විරහිත කර තහනම් කිරීමට ලක් කර ඇති අතර එම පනතේ එකොළොස් වන වගන්තිය ප්‍රකාරව මහර ප්‍රාදේශීය ලේකම් එම නිවසේ ප්‍රතිග්‍රාහකයා වශයෙන් පත්කළ බව පොලිසිය සඳහන් කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සැකකාරිය බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද එම නිවස වෙත කැඳවා තිබූ අතර ඇය ඉදිරියේ එම නිවස සෝදිසි කිරීම සඳහා වරෙන්තුවක් ද නිකුත් කර තිබූ බව සඳහන්.

මෙම සැකකරු සහ සැකකාරියගේ නමින් බැංකු කිහිපයක තැන්පත්ව ඇති රුපියල් කෝටි 11කට ආසන්න මුදල් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.

Latest

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ...

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල...

Don't miss

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන...

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු වසන් කරන්නේ නැහැ – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස 06ක සිරදඬුවමක් නියමව පුනරුත්ථාපනය සඳහා පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරට යොමුකොට සිටි සිරකරුවෙකු අද (21) පෙරවරුවේ පලා...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ. මේ සම්බන්දයෙන් ඔවුන් අද කොළඹදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති...

ව්‍යාපාරික පියාගේ ගනුදෙනු ප්‍රශ්ණයකට පුතාව පැහැරගෙන ගිහින්

මහනුවර ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාරික ප්‍රශ්නයක් මත එම ව්‍යාපාරිකයාගේ දාහත් හැවිරිදි පාසල් යන පුත්‍රයා පැහැරගෙන ගිය බව කියන්න පුද්ගලයෙකු සොයා පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ. හන්තාන ප්‍රදේශයේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here