26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් නිලධාරීන් ලෙස වෙස්වලාගෙන සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් ලෙස වෙස්වලාගෙන සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

මෝදර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදි පොලිස් නිලධාරීන් ලෙස වෙස්වලාගෙන සොරකම් සහ කොල්ලකෑම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ උතුර අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථන 37ක්, ලැප්ටොප් පරිගණක 5ක්, අයි පෑඩි 1 ක් සහ ටැබ් පරිගණක 3 ක් සහ ස්මාට් දුරකථන 44ක් පොලිස් භාරයට ගැනුණා.

සැකකරුවන් 24 සහ 28 හැවිරිදි වියේ පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගියදා කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් පහරදි ජංගම දුරකථනයක් පැහැර ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් පිළිබඳව සිදු කළ විමර්ශනකට අදාළවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.