― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsLocalපිළිකාරෝගීන්ගේ බෙහෙත් මිළදී ගැනීමේදී විශාල වංචාවක් සිදු කරලා - පෙරටුගාමී සමාජවාදී පක්ෂය...

පිළිකාරෝගීන්ගේ බෙහෙත් මිළදී ගැනීමේදී විශාල වංචාවක් සිදු කරලා – පෙරටුගාමී සමාජවාදී පක්ෂය තොරතුරු හෙළි කරයි

පිළිකාරෝගීන්ගේ බෙහෙත් ලබා ගැනීමේදී විශාල වංචාවක් සිදුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ 14 දින පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ඖෂධ හිඟය ආවෙ කොහොමද, 2022 වසරට අවශ්‍ය ඖෂධ ටික ගෙන්වීම සඳහා ඩොලර් මිලියන හයසියයක් අවශ්‍ය වෙලා තිබුණා.

 ලෙඩ්ඩු ඖෂධ හිඟයක් ඇවිල්ලා මැරෙයි කියලා 2021 අගෝස්තු මාසේ එවකට රාජ්‍ය ඖෂධ සභාවේ සභාපතිවරයාව හිටපු වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මුදල් අමාත්‍ය බැ සිල් රාජපක්ෂට ලිපියක් ලිව්වා

 මුදල් ප්‍රමාණවත් නෑ දීගන්න බැරි වෙයි කියලා බැසිල් රාජපක්ෂ උත්තර දුන්නා. සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් කියන මාසයක් පාසාම මේ සම්බන්ධයෙන් ලියුම් ලියලා තියෙනවා ඒ ලියුම් ටික පාර්ලිමේන්තුවේ සභාගත වෙලා තියෙනවා

 2021 දෙසැම්බර් මාසේ සාකච්ඡාවක් තියලා සල්ලි ඉල්ලනකොට 2022 ජනවාරි වෙනකොට අත්‍යවශ්‍ය ඖෂධ විස්සක නාම ලේඛනයක් ඉදිරිපත් කළා ඒවා ඔක්කොම නිර්වින්දන ඖෂධ සහ සිහිය නැති කෙනා ගේ සිහිය ගන්නා ඖෂධ බැසිල් රාජපක්ෂ කියලා තිබුණා ඖෂධ දෙකක් ගන්න සල්ලි දෙන්නං කියල.

 ඒ වෙලාවේ වෛද්‍යවරු අහලා තිබුණා සිහිය නැති කරපු ඖෂධ දෙක ද සිහිය ගන්න ඖෂධ දෙකද අපි ගන්න ඕන කියලා.

 ඖෂධ දෙකකට කියලා ඩොලර් මිලියන පහක් දුන්නා. ඩොලර් මිලියන 600ක් ඉල්ලලා තියෙද්දි ඩොලර් මිලියන පහක් දුන්නා. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල වාරික ගෙවන්න කියලා ජනවාරි මාසේ 18 වැනිදා ඩොලර් මිලියන 500ක් වියදම් කළා.

 මේ සිදුවන මේවා මිනීමැරුම්. මේවට බැසිල් රාජපක්ෂලා වගකියන්න ඕන.

ලංකාවේ විශාල ඖෂධ හිඟයක් තියෙනවා ලෙඩ්ඩු මැරෙනවා කියලා වාර්තා උනාට පස්සේ චීනය අපිට ඖෂධ නොමිලේ දුන්නා, ලෝක සෞඛ්‍ය සංවිධානය ඖෂධ ආධාර වශයෙන් දුන්නා, ඉන්දුනීසියාව ඖෂධ ආධාරයක් ලෙස දුන්නා, ඉන්දියාවෙන් ඩොලර් මිලියන දෙසීයක ණයක් හම්බවුණා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 66 ක ණයක් හම්බවුණා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 73 ක ණයක් හම්බවුණා ඖෂධ මිලදී ගැනීමට.

 පොදුවේ ගත්තට පස්සේ ඩොලර් මිලියන තුන්සිය තිස් නවයක් හම්බවුණා 2022 අප්‍රියෙල් මාසය වෙද්දී ඖෂධ මිලදී ගැනීම සඳහා.

 අගෝස්තු මාසේ කෝප් කමිටුව බලනකොටත් මේ ඩොලර් මිලියන 339 ඩොලර් මිලියන සීයක් විතර තමයි වියදම් කරලා තිබුණේ. ඖෂධ ගෙනල්ල නෑ. ඒ ඖෂධ හිඟය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මුළුමනින්ම වගකිව යුතුයි.

 ඉන්දියානු ණය ඩොලර් මිලියන දෙසීයක් හම්බ වෙලා තිබුණා. ඩොලර් මිලියන අනු තුනකට තමයි ඖෂධ ඇනවුම් කරලා තිබුණේ 

 ඒකෙ කරපු වංචා අපි ඒ දිනවල ම හෙළිදරව් කරා.

 අත්‍යාවශ්‍ය ඖෂධවල කිසිදු හිඟයක් නෑ ඇමැති කෙහෙළිය  නොවැම්බර් මාසේ 29 වැනිදා කිව්වේ.

 හැබැයි දින දෙක තුනකට පස්සෙ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා කෙහෙළිය ඖෂධ වර්ග 151ක් ශල්‍ය උපකරණ වර්ග 5278 කුයි  විකිරණශීලී උපකරණ වර්ග 18 කුයි අනුපූරක රසායනික උපකරණ වර්ග 850 කුයි මුළුමනින්ම තොග අවසන් වෙලා තියෙනවා  ලෙඩ්ඩු මැරෙන්න යනවා බරපතළ ප්‍රශ්නයක් කියලා.

එතකොට ඇයි පාර්ලිමේන්තුවට බොරු කිව්වේ.

 2022 නොවැම්බර් මාසේ විසි දෙවැනි දා පුවත්පත් වාර්තා කරලා තියෙනවා  ජී අයි බට වංචාවට අදාළව විදෙස් ගමන් තහනමක් පැනෙව්වා කියලා කෙහෙළියට අධිකරණ ය..

 2023 පෙබරවාරි පළවෙනිදා තමයි විදෙස් ගමන් තහනම ඉවත් කළා කියලා පුවත්පත් වාර්තා කරලා තියෙන්නේ

 දෙසැම්බර් මාසේ විසි එක් වෙනිදා කොහොමද කෙහෙළිය ඉන්දියාවට ගියේ. අධිකරණයට අවමන් කරමින් හොර පාස්පෝට් එකක් පාවිච්චි කරලා ද ගියේ.

 ආගමන විගමන නිලධාරීන් විදෙස් ගමන් තහනමක් පනවා තිබුන කෙහෙළිය රඹුක්වැල්ලට පිටවෙන්නෙ ඉඩ දුන්නේ කොහොමද.

 ඖෂධ හිඟයි කියලා බාල බෙහෙත් ගෙන්නනවා. අපි මැදිහත් වෙලා මේක කොහොමහරි නවත්ත ගත්තා.

 කෙහෙළිය ඖෂධ හිඟයක් හදනවා ඖෂධ හිඟයි කියලා හදිසි මිලදීගැනීම් කරනවා ටෙන්ඩර් කැඳවන්නේ නැතිව ගෙන එන ඖෂධ හරහා ලොකු වංචාවක් කරනවා.

 ටෙන්ඩර් කැඳවලා අඩු මිල සමාගම් වලට නොදී වැඩි මිල සමාගම් වලට දෙනවා.

 මේ තියෙන්නෙ අලුත්ම පිළිකා ඖෂධ මාෆියාව ගිය සතියේ මාධ්‍ය හමුවේ දී අපි කිව්වා පිළිකා ඖෂධ 41ක හිඟයක් තියෙනවා කියලා.

 පිළිකා ඖෂධ 41 ශුන්‍ය වන තුරු පොල් ගෑවද සෞඛ්‍ය ඇමති. පොල් ගෑවද වෛද්‍ය සැපයුම් අංශය. පොල් ගෑවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව.

 දැන් හදිසියේම පිළිකා නාශක ඖෂධ වර්ග හතළිස් තුනක් ගේන්න යනවා, ඊයේ හදිසියේ කිව්වා ටෙන්ඩරය තාම අවසන් නෑ කියලා 

 මේ ටෙන්ඩරය අවසන් 2023 පෙබරවාරි මාසේ 17 වෙනිදා.

 කෙහෙළිය බොරු කිව්වේ. මෙතැන තියෙනවා ඖෂධයක් සිස්ප්ලටින්    කියලා රුපියල් 2100 ට දෙන්න පොරොන්දු වෙච්ච සමාගමක් තියෙද්දි 6700 ට වයල් තුන් දා ස් 700 ක්  අරගෙන තියෙනවා.

 මහජන මුදල් මේ විදිහට කාබාසිනියා කරමින්මේ සමාගමට අනුමැතිය දුන්නේ කොහොමද. යාදෙන් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් කියන සමාගම ට තමයි මේ ඖෂධ වර්ග 43නෙන් 19  දීලා තියෙන්නේ

 ඒ ඖෂධ වෙනත් සමාගම් අඩු මුදලට ලබා දෙන්න ඉල්ලලා තියෙන්නේ තමා දීලා තියෙන්නේ.

 අපස්මාරය සඳහා ගන්න පෙති කෝටි දෙකක් මිලට ගන්න තීරණය කරලා තිබුණා.  මෙතැනම තියෙන සමාගමක් තමයි ඒකට අදාලව මැදිහත් වෙලා තිබුනේ ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය, පෙති දහයක් තියෙනවා කියන පැක් එකේ පෙති හතයි අටයි තියෙන්නේ.

 පුදුම වංචාවල් කරන්නේ.

 මේවට විරුද්ධව වර්ජනය කරද්දී සෞඛ්‍ය සේවය කඩාකප්පල් වෙනවා කියනවා. නිදහස් සෞඛ්‍යයට ප්‍රශ්නය වෙන්නේ මේ වගේ  න්.

 රටවිරුවෝ හදපු අරමුදලෙන් පිළිකා රෝගීන්ට රුපියල් කෝටි තිහක් දුන්නට පස්සේ ඒකෙන් කෝටි 10 ක් වංචා කරලා.

මේ වංචාවල් සම්බන්ධ කිසිදු පරීක්ෂණයක්  කරන්නේ නැහැ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගෙන් ඇවිල්ලා අහයි මේ කොලේ කොහෙන්ද හම්බ උනේ කියලා.

 මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රහසිගත ලියවිල්ලක්. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සමන් රත්නායක හිටියා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති  හිටියා. සෞඛ්‍ය අමාත්‍යාශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් හිටිය  මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර නියෝජිතයෙක් හිටියා.

 ඔය හිටපු කට්ටිය මේවා අනුමත වෙනකම් මොකද කළේ.

 රනිල් වික්‍රමසිංහගේ බිරිඳ පිළිකා රෝගියෙක් නේ. මේ වගේ ජරා වැඩ කරන්න එපා

 අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ සම්බන්ධව විමර්ශනයක් කළ යුතුයි කියලා. කෙහෙලිය මහනුවර හදමින් ඉන්නව ගෙයක් අපි දන්න තොරතුරු අනුව රුපියල් කෝටි 35ක් මුළු වියදම.

 කෙහෙළියගේ දුවගේ නමට  කොළඹ මහල් නිවාස වල නිවෙස් ඒකක මිලට අරගෙන තියෙනවා කීපයක්.

 මේ සල්ලි කොහෙන්ද. මේවා සම්බන්ධ අනිවාර්‍ය විමර්ශනයක් අවශ්‍යයි.

 මේවට විරුද්ධව තමයි සෞඛ්‍ය සේවකයෝ වැඩ වර්ජනය කරන්නේ.

 ජනතාවගෙන් අපි ඉල්ලනවා වර්ජනයට උපරිම සහාය දෙන්න.