― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsLocalලංකාවේ මුළු ජනතාවම ත්‍රස්තවාදීන් ලෙස සලකන පනතක් පිළිබදව පෙරටුගාමීන් හෙළි කරයි

ලංකාවේ මුළු ජනතාවම ත්‍රස්තවාදීන් ලෙස සලකන පනතක් පිළිබදව පෙරටුගාමීන් හෙළි කරයි

ලංකාවේ මුළු ජනතාවම ත්‍රස්තවාදීන් ලෙස සලකන ඇන්ටි ටෙරරිසම් ඇක්ට් පනත සියලු ජනතාව එක්ව පරාජය කල යුතු බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද 25 දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

P t a වෙනුවට  A t a ඇවිල්ල තියෙනව. ඒක දැවැන්ත ප්‍රජාතන්ත්‍රවිරෝධී නීතියක්.  පහුගිය මාර්තු මාසේ 20 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණය ණය පහසුකම් එකගතාවය ඇතිවුණා. 21 ප්‍රකාශයට පත් කෙරුණා එවැනි ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා.

 රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රකාශයේ දී පැහැදිලිව කිව්වා ණය පහසුකම ලබා ගැනීම සඳහා මූල්‍ය අරමුදල සමග එකඟතාවකට ආවා. එකඟතා අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්න වෙනවා. බන්දුල ගුණවර්ධන කිව්ව අපි මීට කලින් දාසය වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය අරගෙන තියෙනවා. නමුත් අපි පොරොන්දු වෙච්ච කොන්දේසි ඉටු කළේ නෑ. මේ සැරේ එහෙම හරියන්නේ නෑ මේ ඔක්කොම කරන්න වෙනවා කියලා.

 මේ කොන්දේසි ගොඩේ තියෙනවා.  රාජ්‍ය ආයතන රාජ්‍ය විවසාය ජනතාව සතු දේපල විකුණා. දැමීම කියන එක තියෙනවා ඒ කොන්දේසි අතර තියෙනවා අධ්‍යාපනය සෞඛ්‍ය සේවය වැනි වැදගත්ම සමාජ ආරක්ෂණ සේවාවන් වෙළඳ භාණ්ඩ බවට පත් කරලා  පෞද්ගලීකරණය කිරිම.

 ගොවීන්ගේ ඉඩම් අයිතිය මුළුමනින්ම උදුරා ගන්නා පරිදි ඉඩම් වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරලා ඒවා සමාගම් සතු කිරීම.

 රාජ්‍යසේවය හැකිල වීම ඒ කොන්දේසි ගොඩේ තියෙනවා.

 ඒ කොන්දේසි ගොඩේ තියෙනවා විශ්‍රාම වැටුප ඇතුළු කම්කරුවන් මෙතෙක් භුක්ති වින්ද අයිතිවාසිකම් ගණනාවක් අහෝසි කිරීම.

 ඒ කොන්දේසි ගොඩායි තියෙනවා කම්කරු අයිතිවාසිකම් සම්බන්ධ දැනට තියෙන නීති රීති සියල්ල අහෝසි කර ලා ඒ වෙනුවට සමාගම් වලට  කම්කරුවන් ව හිතුමතේ සූරාකෑමට ඉඩදෙන නව නීති සම්මත කිරීම් තියෙනවා.

 මේවා කරන්න යද්දී අති දැවැන්ත විරෝධයක් සමාජයේ පැමිණීමට නියමිතයි. ඒ විරෝධයට මේගොල්ලෝ මුහුණ දෙන්න යන්නේ එලෙස විරුද්ධ වෙන සියලු දෙනා ත්‍රස්තවාදීන් ලෙස නම් කරලා ත්‍රස්තවාදයට අදාල නීතියකින් ඔවුන්ව මෙල්ල කිරීම  සඳහා උත්සාහ කරමින් ඉන්නේ. ඒකට තමයි මේ ත්‍රස්ත  විරෝධී පනත හදිසියේ ගෙනල්ලා තියෙන්නේ.

 1979  පනත ගේද්දි ජේ ආර් ජයවර්ධන ල කිව්වේ තාවකාලිකව මේ පනත ගේනවා කියලා.

 තාවකාලික පනතක් කියලා ආපු පනත මේ වෙනකොට අවුරුදු 45ක කාලයක් තිස්සේ ලංකාවේ තියාගෙන ඉන්නවා.

තාවකාලික නීතිය අහෝසි කරන මුවාවෙන් ස්ථිර නීතියක් ගේන්න හදනවා. විජේදාස රාජපක්ෂ ගේ නමින් මේක සභාගත කරලා තියෙනවා .

 1979 අංක 48 දරණ පනත අලුතින් ඉදිරිපත් කරලා තියෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අතර මූලික වෙනස්කම් ගණනාවක් තියෙනවා.

 1979 පනතේ  නිශ්චිතව තියෙනවා  ත්‍රස්තවාදය කියලා කියද්දී  ඒකට ආයුධ සන්නද්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයි කියන එක.

 හැබැයි මේ පනතේ 10 එක ආ උප ඡේදය ගත්තට පස්සේ  ඒකෙ තියෙනවා මෙහෙම  ජනතාවගේ ඇතැමෙක් විසින් හෝ සියලුම ජනතාව විසින්  සියලුම ජනතාව විසින් ත්‍රස්ත වාදය පිළිබඳව වරද සිදු කිරීම,  ලංකාවේ මුළු ලක්ෂ 225ම ත්‍රස්තවාදය පිළිබඳ වරදක් කරනවා කියලා උපකල්පනය කරලා තමයි මේ පනත ලියල තියෙන්නෙ

 මුළු රටක ජනගහනය ත්‍රස්තවාදය පිළිබඳ වරද පෙළඹවීම කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද.

 මේ ජනතාව යම් දේශපාලන ක්‍රියාකාරීත්වයකට පොලඹවන අයට ඒ අයව ත්‍රස්තවාදීන් ලෙස සැලකීමට තමයි මේ කතාව හදලා තියෙන්නෙ කියන එක හරි නිශ්චිතයි.

 මේකේ තියනවා ආණ්ඩුවට යම් දෙයක් කරන්න කියලා බල කරන එක හරි යම් දෙයක් කරන්න එපා නොකර ඉන්න කියලා බල කරන එක හරි ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට අර්ථ දක්වලා තියෙනවා.

මේ පනතින් කරන්නේ ආණ්ඩු විරෝධීන් ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීම.

වසන්ත මුදලිගේ ගල්වැව සිරිධම්ම හාමුදුරුවෝ සහ  අශාන් ජීවන්ත කියන  ශිෂ්‍ය නායකයන් තුන්දෙනා රැඳවුම් නියෝග නිකුත් කළේ  රනිල් වික්‍රමසිංහගේ අත්සනින් .

 මේකේ තියනවා ඒ වෙනුවට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ට පුළුවන් කියලා රැඳවුම් නියෝග නිකුත් කරන්න. මේක ඉතාම බරපතළ ප්‍රශ්නයක්.

 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විදිහට ඉන්න දේශබන්දු තෙන්නකෝන් ගත්තොත් එහෙම ඔහු දේශපාලන හෙංචයියෙක්  ගොට්ටෙක් කියලා නොදන්න කෙනෙක් නෑ.

 ආණ්ඩුව කියන ඕන කුජිත වැඩක් ඕන නීති විරෝධී වැඩක් මැර පාදඩ වැඩක් කරන කෙනෙක්.

 නීතිපතිවරයා විසින් සේවය තාවකාලිකව අත්හිටවන්න අත් හිටවල පරීක්ෂණ කරන්න කියලා නියෝග කරපු කෙනෙක්.

 ඔහු ගාලුමුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂණයට පහර දීමේ වරදකරු කියලා සියලු වින්දිතයන්ට පුද්ගලික මුදලින් වන්දි ගෙවන්න කියලා මානව හිමිකම් කොමිසමේ නියෝගයකට ලක්වෙච්ච කෙනෙක්.

 ඒ වගේ කෙනෙකුට පුළුවන් රැඳවුම් නියෝග නිකුත් කරන්න පනත සම්මත වුණොත්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාල එක්සත් ජාතීන්ගේ සංවිධානය බයිලා ගහනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන මානව හිමිකම් ගැන හැබැයි මෙන්න ආණ්ඩුව වැඩ කරන විදිහට. මේ ආණ්ඩුව රැකගන්න ඒගොල්ලෝ මැදිහත් වෙන විදිය.

 ලබන සතිය ඇතුළත මේ පනතට එරෙහිව අපි අධිකරණයට යනවා. මේකට එරෙහිව පුළුල් දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ උද්ඝෝෂණයක් අපි සූදානම් කරනවා. මේ පනත පරාජය කිරීමට සියලු දෙනාට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.