29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsලකුණු 198ක නින්දා සහගත පරාජයක්

ලකුණු 198ක නින්දා සහගත පරාජයක්

නවසීලන්තය සමඟ ඕක්ලන්ඩ් හිදී පැවති පළමු එක්දින තරගයෙන් දරුණු පරාජයක් වැළඳගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (25) සිදුවුණා.

ශ්‍රී ලංකාව පරාජයකරමින් නවසීලන්තය මෙම තරගය ජය ගත්තේ ලකුණු 198කින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 49යි පන්දු 03ක් තුළ සියල්ල දැවී ලකුණු 274ක් රැස් කළා.

මෙහිදී නවසීලන්ත සියලු පිතිකරුවන් උද පන්දු ලබාදෙමින් දැවීයාම විශේෂත්වයක්.

ලකුණු 274ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට නවසීලන්ත වේග පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් 08 දෙනෙක්ම ලකුණු 10ට අඩුවෙන් දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

ඒ, අනුව පන්දුවාර 19යි පන්දු 05ක් තුළ සියල්ල දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 76ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම දරුණු පරාජයත් සමඟ එළඹෙන එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ වටයට තරග කිරීමට සිදුවනවා.