― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනිධන් සෙවූ හමුදා සාමාජිකයන් සහ භික්ෂුව රිමාන්ඩ්

නිධන් සෙවූ හමුදා සාමාජිකයන් සහ භික්ෂුව රිමාන්ඩ්

කරදියනාරු ප්‍රදේශයේ පුරාවිද්‍යා ප්‍රදේශයක ස්කෑන් යන්ත්‍ර යොදා නිධන් කැණීමේ නිරත වූ යුද හමුදා ලුතිනන් කර්නල්වරයා ඇතුළු හමුදා සාමාජිකයින් තිදෙනා සහ භික්ෂුව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

සැකකාර හමුදා සෙබළුන් වැලිකන්ද ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන පිරිසක් බව සඳහන්.

වව්නතිව් පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබෙන අතර ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සමග අත්අඩංගුවටගත් ස්කෑන් යන්ත්‍ර සහ යුද හමුදා ජීප් රථය භාරදී තිබුණේ කරදියනාරු පොලිසිය වෙතටයි.

යුද හමුදාවට අයත් ජිප් රථයක් ද සැකකරුවන් සමග ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් ස්කෑන් යන්ත්‍ර යොදා නිධන් සෙවූ ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සලකුණු කරන ලද ස්ථානයක් බවට හඳුනාගෙන තිබෙන බව ද සඳහන්.

අත්අඩංගුවට ගෙන සිටින චීවරධාරියා රත්නපුර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන හිමිනමක් බව ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

කරදියනාරු පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.