― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsLocalදූෂණ විරෝධී පනත දූෂණයයි, භීෂණයයි ශක්තිමත් කරනවා

දූෂණ විරෝධී පනත දූෂණයයි, භීෂණයයි ශක්තිමත් කරනවා

දූෂණ විරෝධී පනත දූෂණයයි, භීෂණයයි ශක්තිමත් කරන බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ඊයේ 10 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

 පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ආණ්ඩුව මුලින්ම ගෙනාවා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත කියලා පනත් කෙටුම්පතක්. මෙතෙක් තිබුණ නීතියට වඩා හාත්පසින්ම වෙනස් එකක්.

 මෙතෙක් ත්‍රස්තවාදී ක්‍රියා ලෙස සැලකුවේ රාජ්‍ය විරෝධී ක්‍රියා. නමුත් මේකෙ ආණ්ඩු විරෝධී ක්‍රියා වැඩවර්ජන ආණ්ඩුව විවේචනය කරල මොනාහරි ලියන කියන එක පවා ත්‍රස්තවාදී කියලා වර්ගීකරණය කරලා තියෙනවා.

 සාමාන්‍යයෙන් ආයුධ සන්නද්ධව කරන ක්‍රියාකාරකම්  කලින් ත්‍රස්තවාදය කියන  නිර්වචනයට ඇතුල් වෙලා තිබුනේ.

 ෆේස්බුක් එකේ කමෙන්ට් එකක් දාන එක පවා ත්‍රස්තවාදය කියලා අර්ථකථනය කරන්න පුළුවන් විවෘත අර්ථකථනයක් මේකෙ ඉතුරු කරලා තියෙන්නේ.

පාර්ලිමේන්තුව සතු බලතල ඇමතිට දීලා ඇමති සතු බලතල පොලිසියට දීලා අධිකරණය සතු බලතල ඇමති පොලිසිය අල්ලගෙන. මෙන්න මේ වගේ බරපතළ කරුණු ප්‍රමාණයක් තියෙනවා මේ පනත් කෙටුම්පතේ.

 ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව දැවැන්ත විරෝධයක් රටේ පැන නැගුනේ මේ හේතු හින්දා. සියලුම තැන්වලින් විරෝධය පැන නැගුණු හින්දා පහුගිය තුන්වෙනි දා සහ 4 වෙනිදා දවස් දෙකේ මේක විවාදයට ගන්න නියමිතව තිබුණා.

 නමුත් දැන් ඒක සභාගත කරල නැහැ. අප්‍රියෙල් මාසේ අවසානයේ තියෙන පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට මේක ඇතුල් වෙලා නෑ.

 නමුත් දැන් විජයදාස රාජපක්ෂ කියමින් යනවා මේක මැයි මාසේ ගේනවා කියලා. එයා කියනවා ප්‍රතිත්‍රස්ත පනතේ අහිතකර වගන්ති තිබේනම් උසාවි යන්න කියලා.

 අපි බලාගෙන ඉන්නේ විජයදාස ල මේක මැයි මුල දානකම්. දැම්මට පස්සේ නෛතික ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි උද්ඝෝෂණ ක්ෂේත්‍රය දේශපාලනික ක්ෂේත්රය රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්රය ප්‍රචාරක ක්ෂේත්රය සියලුම පැතිවල  මේක පරදවන්න පුළුල් ජන බලයක් ගොඩනගන්න අපි සූදානමින් ඉන්නවා.

 අද දවස කියලා කියන්නේ මේකට එරෙහිව සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඊට වඩා පුළුල් පෙරමුණක් හරහා මේක පරාජයට පත් කරනවා මැයි මාසයේ ගෙනාවොත්.

 මේක කියනකොටම විජේදාස රාජපක්ෂ කියනවා ප්‍රතිත්‍රස්ත පනත පහුවෙලා ගේන්නං ඉස්සෙල්ලා ගේන්නම් කියලා දූෂණ විරෝධී පනත.

 මේ දූෂණ විරෝධී පනත මොකක්ද? මේ පනත ගැන කවුරුත් කට අරින්නේ නෑ. දූෂණ විරෝධී පනත් කෙටුම්පත ගැසට් කරලා තියෙනවා තාම ඒක සභාගත කරල නැහැ. මේ සම්බන්ධ නිහඬතාවයක් රටේ තියෙන්නේ.

 මහජන අරමුදල් මංකොල්ලකෑම නවත්තන්න ගෙනාවා කියලා නමෙන් හිතලා වෙන්න ඇති කවුරුත් මේක කතා කරන්නේ නැත්තෙ.

 මේක දැඩි මර්දනීය පනත් කෙටුම්පතක්. මේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත විසින් කරන්න යන්නේ මහාපරිමාණ හොරකම් කරන මහජන මුදල් වංචා කරන අයව බේරලා ඒ අයව දේශපාලන රැකවරණ අස්සේ බේරලා  ආණ්ඩුවට විරුද්ධව  කතා කරන රාජ්‍ය නිලධාරීන්  දඩයම් කිරීම සඳහා තමයි  මේක හදලා තියෙන්නේ.

 මේක ඉතාම පැහැදිලියි අර සිංගප්පූරුවේ හදපු පනත දිහා බලාගෙන හදලා තියෙන්නේ .

 මේ පනතේ මුල ම සඳහන් වෙලා තියෙනවා මේ පනත බලාත්මක වීම සමග ලංකාවේ නීතියේ දැනට පවතින පනත්තු නක් අහෝසි වෙනවා. එකක් තමයි විසි හයවෙනි අධිකාරිය යටතේ තියෙන අල්ලස් පනත.

 1994  අංක 19 දරන  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත මුළුමනින්ම අහෝසි වෙනවා.  1975 අංක 1 දරණ  වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත මේකට අනුව අහෝසි වෙලා යනවා.

 මේකේ හදනවා කොමිසමක් ඒ කොමිසමේ ඉන්නවා තුන්දෙනෙක්. ඒ තුන්දෙනාට මෙතෙක් නීති තුනකින් පැවරුණු සමස්ත විමර්ශන බලතල ඒකට හම්බ වෙනවා.

 අසීමිත වැඩ වපසරියක් ඒ තුන්දෙනාගේ කොමිසමට හම්බවෙනවා. ඒ තුන් දෙනා පත්වෙන්නේ  ජනාධිපතිවරයා විසින් නම් යෝජනා කරනවා ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරනවා.

 ව්‍යවස්ථා සභාවට නම් යෝජනා කළාට පස්සේ ජනාධිපතිවරයා ඒ නම් ප්‍රතික්ෂේප කරන්න බෑ.

 ව්‍යවස්ථා සභාවට වෙන නම් එවන්න කියලා කියන්න පුළුවන්.

 මේකේ ජනාධිපතිට ඕන විදිය තුන් දෙනෙක් තමයි පත් කරන්නේ. කොමිසමේ සාමාජිකයින් ම ඉවත් කරන්න බෑ ඉවත් කරන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඕනේ.

 මේ කොමිසම ඇතුළෙ චෙක් ඇන්ඩ්බැ ලන්ස් නෑ . කොමිසමේ නිලධාරීන්ට අදාළ සියලුම බඳවාගැනීම් . උසස්වීම් වැටුප් දීමනා  විනය ක්‍රියාමාර්ග ඔක්කොම ආයෙ ඇතුල් වෙලා තියෙන්නේ කොමිසමට.දූෂණය තවදුරටත් කරගෙන යාම සඳහා දූෂණ විරෝධී කියළ පනතක් ගෙනල්ලා තියෙනවා. භීෂණය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ත්‍රස්ත විරෝධී පනත කියලා පනතක් ගෙනල්ලා තියෙනවා.