ත්‍රිකුණාමලයේ සිද්ධිය මුල් කරගෙන ජාතිවාදී දේශපාලණය කිරීමට අවස්ථාව ලබා නොදිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි .
ඊයේ 15 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ
තිකුනාමලේ ඇතිවූ නොසන්සුන්තාවය පිළිබඳව අද 15පුවත්පත් වාර්තා කරලා තියෙනවා. මෙය ආගමික ජනකටස් අතර යම් ආතතියක් ඇති කිරීමට බලපාමින් තියෙනවා.
සිදුවීමේ විශාලත්වයට වඩා වැඩි ප්‍රමුඛතාවයක් මාධ්‍ය මේකට දෙමින් තියෙනවා.
මේක බෞද්ධ ආගමික උත්සවයක් සමඟ සැමරුමක් සමග සම්බන්ධයි. සියම් භික්ෂූන් වහන්සේලා තායිලන්ත භික්ෂුන් වහන්සේලා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය හරහා ලංකාවට ගොඩ බැහැලා ලංකාවට ඇවිල්ලා උපසම්පදාව පිහිටෙව්වේ මීට අවුරුදු දෙසිය හැත්තෑවකට කලින්.
ඒ සංවත්සරය සැමරීම සඳහා ලංකාවට තායිලන්ත භික්ෂුන් වහන්සේලා පිරිසක් පැමිණීම සම්බන්ධ ව. මුලින් මේක සාමාන්‍ය උත්සවයක් ලෙස පවත්වන්න තිබිලා පසුව අපි දන්න විදිහට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් විශේෂයෙන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් විදේශීය භික්ෂූන් වහන්සේලා සහභාගි වන නිසා වඩා පුළුල් උත්සවයක් ලෙස සංවිධානය කළ යුතුයි කියලා තියෙනවා.
මේ උත්සවයට දින කිහිපයකට කලින් බෝ ගස් හ තර ඒ ස්ථානයේ සත්‍යග්‍රහයක් ආරම්භ කරලා තිබුන දේශපාලන අධිකාරියක මැදිහත්වීමෙන්..
ගජේන්ද්ර කුමාර පොන්නම්බලම් මහත්තයාගේ මැදිහත්වීමෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් ප්‍රමාණයක් සම්බන්ධ වෙච්ච සත්‍යග්‍රහයක්.
මේක පදනම් කරගෙන තමයි මේ නොසන්සුන් තත්ත්වය ඇතිවුණේ. මේක අර්ථකතනය කරන්න යනවා බෞද්ධයන් සහ හින්දු භක්තිකයන් අතර ගැටුමක් විදිහට. එහෙම ගැටුමක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ හරි ලංකාවේ වෙන කොහේවත් නැහැ.
එහෙම ගැටුමක් කවුරුහරි හදන්න හදනවා ද කියලා දන්නේ නැහැ.
අපි පන්සලකට ගියත් හින්දු දෙවිවරුන්ගේ ප්‍රතිමා විශාල ලෙස තියෙනවා. කතරගම වගේ තැනක බෞද්ධයින් සහ හින්දූන් එකට ආගමික කටයුතු කරනවා.
මේ ප්රශ්නය සම්පූර්ණයෙන් බැඳිලා තියෙනවා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ආණ්ඩුව භූ දේශපාලනික මැදිහත්වීම් කරන ලෝක බලවතුන් සහ කලාපීය බලවතුන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට කරන මැදිහත් වීමත් එක්ක.
මෙවර අපි ජාත්‍යන්තර කම්කරු දිනයේ පවා තේමාවට යොදාගත්තා ඉන්දියන් ඇමරිකන් යටත්විජිතකරණය සිද්ධ වෙමින් යනවා කියලා.
රනිල් ලොකු කතා කිව්වට ජාතික ප්‍රශ්නයට විසඳුම් දෙනවා කියලා රනිල් ආවට පස්සෙ මෙන්න මේ ජාතිවාදී ගැටය තමයි පාවිච්චි කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ භූ දේශපාලන උගුල ක්‍රියාත්මක කරන්න තහවුරු කරන්න.
මේ උත්සවය හින්දු ජනතාවට හරි මොනම ජනතාවකට හරි විරුද්ධ දෙයක් නෙමෙයි. ඒක බෞද්ධයන්ගේ ආගමික උත්සවයක්.
මේක පාවිච්චි කරලා ප්රකෝපකාරී ත්ව යක් ඇති කිරීම කියන්නේ අන්තිම නින්දිත වැඩක්.
ස්වාමීන් වහන්සේලා තීරණය කරලා තිබුණේ සාමාන්‍ය උත්සවයක් තියන්න. මේක ලොකු සැණකෙළියක් බවට පත්කරන තීරණය ගත්තේ රජය.
ඒකට මැදිහත් වුණේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය.
මෙතන අට්ටාලයක් ගහලා සත්‍යග්‍රහය පටන් ගන්නකොට දවස් 4ක් තිස්සේ ත්‍රිකුණාමළ පොලීසිය කිසිදු මැදිහත්වීමක් මේකට කළේ නෑ.
මේකෙ අසාමාන්‍ය දෙයක් තේරෙන්නේ නැද්ද. නූරි සහෝදරිය අරගලයට සම්බන්ධ වෙච්ච බෝඩ් එකක් අරගෙන තනියම පදිකවේදිකාවේ ගියා කියලා අත්අඩංගුවට ගත්තා.
කිසිම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට අට්ටාල ගහන්න සත්යග්රහ කරන්න මොකුත් දෙන්නේ නෑ කියලනෙ කියන්නෙ.
යාපනය විශ්ව විද්‍යාලයෙන් පිරිසක් ඇවිල්ලා අපි දන්නා තොරතුරු වලට අනුව නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ මේකට එන එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
අපිට පේන විදිහට පොලිසිය හිතාමතාම ගැටුමක් ඇති කිරීම සඳහා පසුබිම හැදුවා.
විශේෂ කාර්ය සාධක බලකායේ මැදිහත්වීම ඊයේ තිබුණේ සිදුවීම සංසිඳුවීම සඳහා නෙමෙයි ආගම්වාදී ජාතිවාදී ආතතියක් ඇති කිරීම සඳහා අරමුණ සහිතව.
රාජ්‍ය මේකට මැදිහත් වුණේ අපි දන්නා තොරතුරු වලට අනුව මේක ඇතුලේ රාජ්‍ය ඔත්තු සේවා වැඩ කරලා තියෙනවා.
මේක ඇතුලේ විදේශ ඔත්තු සේවා වැඩ කරලා තියෙනවා.
මේක හරියට 83 කළු ජූලිය වගේ. එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන බලවේග නමුත් ඔක්කොම එකට එකතු වෙලා ලොකු විනාශයක් අවුලවන්න ඉඩ තියෙනවා.
දිගුකාලීන ගැටුම් වලට යුද්ධ වලට ඇදලා දාන්න ද යන්නේ කියන ප්රශ්නය එනවා.
අරගලයට ජාතිවාදයෙන් තොරව එකතු වෙලා ඉන්න වෙලාවේ ජනතාව කඩල වෙන් කිරීම සඳහා මේක පාවිච්චි කරනවා.
අපි පොලීසියෙන් අහනව මොකක්ද ඒ වැඩ කරපු විදිය.
හින්දු තරුණයාට තියෙන දුක්ගැනවිල්ල අපිට තේරෙනවා.
උතුරේ දෙමළ ජනතාව නැගෙනහිර තීකුනාමලය සුළුතරය බවට පත්වෙලා පීඩාවට පත්වෙලා ඉන්නෙ සිංහල ජනතාව දෙගොල්ලෝ අතර සාකච්ඡාවක් අවශ්‍ය නම් අපි ලෑස්තියි ඒ සාකච්ඡාව හදන්න. අපි ලෑස්තියි ඒ මුණ ගැසීම කරන්න.
අපි ආරාධනා කරනවා සියලු දෙනාට විනාශයක් වැළැක්වීම සඳහා මැදිහත් වෙමු.