26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාන් ලොරියේ දොර ගැලවී ඇඟට වැටී පාසල් සිසුවා ජීවිතක්ෂයට

පාන් ලොරියේ දොර ගැලවී ඇඟට වැටී පාසල් සිසුවා ජීවිතක්ෂයට

බාල සොහොයුරා සමඟ බයිසිකල් පදිමින් සිටී 13 හැව්රිදි පිරිමි දරුවෙකුගේ ශරීරයට පාන් ලොරියක යකඩ දොරක් ගැලවී පතිතවීමෙන් එම දරුවා අද (25) මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වාද්දුව හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචි ගගන කාවින්ද මෙන්ඩිස් නමැති 13 හැව්රිදි දරුවෙකු බව පොලිසිය පැවසීය.

ඔහු සිය බාල සොහොයුරා සමග සයිකල් පදිමින් වාද්දුව රතු ගේට්ටුව දෙස සිට හබරලගහලන්ද දෙසට ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි පාන් ලොරියේ පැති යකඩ දොර ගැලවී දරුවාගේ පපුවේ වැදී දරුවා විසිවී බිම ඇදවැටී දොර ශරීරය මත පතිතව ඇති බව සඳහන්.

බරපතළ තුවාල ලබා සිටී දරුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් මියගොස් ඇති බව සඳහන්.

ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.