27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශාන්තිකර්මයක් අතරතුර කාන්තාවක් මියගිය සිද්ධියේ කට්ටඩියා රිමාන්ඩ්

ශාන්තිකර්මයක් අතරතුර කාන්තාවක් මියගිය සිද්ධියේ කට්ටඩියා රිමාන්ඩ්

ශාන්තිකර්මයක් අතරතුර අසනීප වූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ සිද්ධියේ සැකකාර කට්ටඩියා ලබන 27 වනදා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකරු අත්අඩංගුවට ගෙන අද (18) නාවුල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් ඉරීමෙන් අනතුරුවයි.

මෙම සිද්ධියට 25 හැවිරිදි කට්ටඩියාගේ පෙම්වතිය බව කියන තරුණියක් ද අත්අඩංගුවට ගෙන තිබූ බවයි වාර්තා වුණේ.

ලග්ගල , හත්තොට අමුණ ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකුට සහ පිරිමි පුද්ගලයෙකුට පැවති අසනීප තත්ත්වයන් සුවකර ගැනීම සඳහා ශාන්තිකර්මයක් සිදුකර තිබුණා.

එහිදී ශාන්තිකර්මය අතරතුර ඔවුන්ට තැඹිලි ගෙඩි 21ක් පානය කිරීමට ලබාදී ඇති අතර, එම අවස්ථාවේ දී එක් කාන්තාවක් අසනීප වී තිබෙනවා.

එම අවස්ථාවේ දී කාන්තාව දාස්ගිරිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.