26 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalලංකාවේ දරිද්‍රතාවය ඉහල ගිහින් - බහුතරයක් ජනතාව කුසගින්නේ

ලංකාවේ දරිද්‍රතාවය ඉහල ගිහින් – බහුතරයක් ජනතාව කුසගින්නේ

ලංකාවේ ජනතාවගේ දරිද්‍රතාවය ඉහල ගොස් ඇති බවත් බහුතරයක් ජනතාව කුසගින්නේ පසුවන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 19 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ලර්න්     ඒෂියා ආයතනය විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහාචාර්ය රොහාන් සමරජීව ඇතුළු  විද්වතුන් පිරිසක් එකතු වෙලා පරීක්ෂණයක් කරලා තියෙනවා ලංකාවේ දරිද්‍රතාවය සම්බන්ධව.

 මේ පර්යේෂණය ඇඟ කිළිපොලා යන තොරතුරු ඇවිල්ල තියෙනව. ලංකාව ඉතා වේගයෙන් බිඳවැටීමකට අහු වෙලා තියෙනවා. ඔවුන්ගේ පර්යේෂණයට අනුව  2019 වෙද්දි ලංකාවේ දිළිඳු ජනගහනය හිටියේ ලක්ෂ තිහක්  2023 වෙද්දී ලක්ෂ හැත්තෑවක් දක්වා වර්ධනය වෙලා.

ප්‍රධානම ප්‍රශ්නයක් විදිහට තියෙනවා ආහාර පිළිබඳ ප්‍රශ්නය. ලක්ෂ 75ක් විතර ආහාර අර්බුදයක ඉන්නවා.දරුවන්ට කෑම දෙන්න දෙමව්පියන් කෑම ගන්න එක නවත්තලා තියෙනවා.ගෙවිච්ච ආණ්ඩු වගේම  රනිල් වික්‍රමසිංහ ගේ පාලනය මේවට වග කියන්න ඕනේ.

මුලින් අපි කියපු වාර්තාව ගත්තට පස්සේ ඔවුන් කියනවා  රටේ පවුල් වලින් සියයට තිස් දෙකක් දෛනික ආහාර වේල ගැනීම සඳහා. තමන්ගේ දේපළ විකුණා හෝ උගස් කර තිබෙනවා කියලා.

 කනකර උගස් කරන්න ඉඩම් විකුණන්න වෙලා තියෙනවා මිනිස්සුන්ට කෑම කන්න.