27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනිවාඩුවට පැමිණ සොරකමේ ගිය සෙබළාට වැඩ වරදී

නිවාඩුවට පැමිණ සොරකමේ ගිය සෙබළාට වැඩ වරදී

නිවාඩුවට පැමිණ වෙළදසැල් බිද භාණ්ඩ සොරකම් කල නාවික හමුදා සෙබළෙකු අද අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්ථාන කදවුරේ රාජකාරි කරන සෙබළෙකු බවත් ඔහු කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 39 හැව්රිදි රිදි පුද්ගලයකු බවත් පොලිසිය පවසයි.

කළුතර නගර මධ්‍යයේ පිහීටි ගෘහ උපකාරක අලෙවි සැලක් අවස්ථා තුනකදී කඩා භාණ්ඩ සොරකම් කල බවට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ කිරීමේදී අවස්ථා තුනෙහිම එකම පුද්ගලයකු සොරකම සිදුකරන බවට සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවසේ සගවා තිබූ විදුලි පංකා, විදුලි උදුන්, ස්ත්‍රීක්ක, බූෆර් යන්ත්‍ර, බෆල්, හෙල්මට් ඇතුළු රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනාකමකින් යුත් උපකරණ සොයාගත් බව පොලිසිය කීය.

වෙළද සැලෙහි දොර‍ යකඩ මිටියක් අධාරයෙන් කඩා ඇති බවත්, සොරකමට යොදාගත් අඩු මිටියද සොයාගත් බවත් පොලිසිය පවසයි .

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .