25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ධන මිල සංශෝධනය කෙරේ

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 328 කි.

ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇත. ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 365කි.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 346 කි. ඔටෝ ඩීසල් රුපියල් 02කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 308කි.

භූමිතෙල් ලීටරයක් රුපියල් 09කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 236කි.

සංශෝධනය කළ ඉන්ධන මිල ගණන් පහතින්.