27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදියණියගේ පාසල් පෙම්වතා පැහැරගෙන ගොස් පහර දුන් පොලිස් නෝනාට අත්අඩංගුවට

දියණියගේ පාසල් පෙම්වතා පැහැරගෙන ගොස් පහර දුන් පොලිස් නෝනාට අත්අඩංගුවට

මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ පාසල් සිසුවෙක් පැහැරගෙන ගොස් තර්ජනයකර පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරියක් ඊයේ (01) දින අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඹුරුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරියක් බවයි වාර්තා වන්නේ.

සැකකාර පොලිස් සැරයන්වරියට අයත් මෝටර් රථයක අදාළ පාසල් සිසුවා නංවාගෙන ගොස් තම දියණිය සමඟ ඇති ප්‍රේම සම්බන්ධය නතරකරන ලෙස තර්ජනය කරමින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසියට පැමිණිලක් ලැබී ඇත්තේ.

මෙම පහරදීමට සැකකාර පොලිස් සැරයන්වරිය, ඇයගේ පුත්‍රයෙකු සහ තවත් පිරිසක් පැමිණ ඇති බවට මීට පෙර තොරතුරු වාර්තා වුණේ.

පහරකෑමට ලක්වූ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවා ඉකුත් ජුනි 20වන දින කඹුරුපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්ව තිබුණා.

පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් සැරයන්වරිය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහැරීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධියට මුහුණ පෑ පාසල් සිසුවාගේ මව්පියන් විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකාර පොලිස් සැරයන්වරිය මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත්කර ඇත්තේ.

මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අදාළ පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.