28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරටට යුරෝ මිලියන 9.8ක පරිත්‍යාගයක්

මෙරටට යුරෝ මිලියන 9.8ක පරිත්‍යාගයක්

ලෝක බැංකුව, යුරෝපා සංගමය (EU) සහ ප්‍රංශයේ නිල සංවර්ධන ආධාර සංවිධානය (AFD) හා ඒකාබද්ධ මූල්‍ය ගිවිසුම අත්සන් කිරීම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ද සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

ශ්‍රි ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම මෙහි අරමුණයි.

මේ හරහා යුරෝ මිලියන 9.8 ක් ප්‍රදානය කිරීමට හේතු වන්නේ රාජ්‍ය මූල්‍ය පිළිබඳව විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීමට සහාය වීමයි.

විගණන සැලසුම්කරණය, තත්ත්ව සහතිකය, කාර්ය මණ්ඩල ධාරිතාව, විගණන ක්‍රියාවලියට පුරවැසියන් සම්බන්ධ කර ගැනීම මෙන්ම විශේෂිත විගණන සහ ප්‍රසම්පාදන වැනි පරිසරයන් සම්බන්ධ ක්ෂේත්‍රවල ශක්තිමත් පාලනයක්, වැඩි වගවීමක් සහ වැඩිදියුණු කළ ආයතනික ධාරිතාවක් අනුව ශ්‍රී ලංකාවේ ජාතික විගණන කාර්යාලයේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීම මගින් සමස්ත වගවීමේ රාමුව ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.