28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅඳුපැලෑනෙ බිංදු STF අත්අඩංගුවට

අඳුපැලෑනෙ බිංදු STF අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් හා පහරදීම් සම්බන්ධ නඩු කිහිපයට අවශ්‍යව සිටි සැකකරුවෙක් ගල් කටස් වර්ගයේ ගිනි අවියක් හා මත්ද්‍රව්‍ය සමඟ විශේෂ කර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘අඳුපැලෑනෙ බිංදු’ නැමැති අයෙක් බවයි වාර්තා වුණේ.

ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (29) හුංගම පොලිස් වසමේ අදුපැලෑන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහි දී සැකකරු සන්තකයේ තිබී බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 උණ්ඩ 02 ක් හා හෙරොයින් ග්‍රෑම් 07යි මිලි ග්‍රෑම් 690ක් ද සොයාගෙන තිබෙනවා.

මොහු පසුගිය 11 වන දින හම්බන්තොට පොලිස් වසමේ වෙඩි තැබීමක් සිදුකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට උත්සහා කිරීම, කපාකොට මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීම, හක්මන පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකුට පහරදී රුපියල් ලක්ෂ 38ක් වටිනා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අයෙක්.