― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගුරු උපදේශක සේවයේ ගැටලුව තවමත් විසඳී නැහැ – විපක්ෂ නායක

ගුරු උපදේශක සේවයේ ගැටලුව තවමත් විසඳී නැහැ – විපක්ෂ නායක

ගුරු උපදේශකවරුන් 1982ක පුරප්පාඩු ඇති බවට තමා පාර්ලිමේන්තුවේදී කළ අනාවරණය අනුව එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවට අධ්‍යාපන ඇමතිවරයා පොරොන්දු වූ නමුත් තවමත් එය ක්‍රියාවට නංවා නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ගුරුවරුන් ගුරු උපදේශක තනතුරට පත්වීමේ දී සිදුවන වැටුප් විෂමතාවක් ඇති බවට මීට පෙර කළ අනාවරණය අනුව බොහෝ ගුරු උපදේශකවරුන් අදාළ සේවය බාර ගැනීම සිදු නොකරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපනය පිළිබඳ ආංශික කාරක සභාව රැස්වූ අවස්ථාවේ දී ගුරු උපදේශක සේවයේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්.

ජනවාරි මාසයේ සිට මෙම ගැටලු මතු කළ ද තවමත් ඊට විසදුම් ලබා නොදී සිටීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙහිදී විමසා සිටි අතර ඔහු කියා සිටියේ මෙම ගැටලු විසදීමට අදාළව නිශ්චිත කාලසීමාවක් ලබා දෙන ලෙසටයි.

ගුරු උපදේශකවරයා ගුරුවරුන්ට වඩා ඉහළ තලයක සිටින්නේ නම් ඔවුන්ගේ වැටුප් සහ වර්ධක වැඩි විය යුතු බවයි සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

එම වැටුප් අතර කිසිදු විෂමතාවක් ඇති නොවිය යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආයතනික වශයෙන් ගුරු උපදේශකවරුන් සමඟ ගැටලුවක් තිබීම හේතුවෙන් මෙම ප්‍රශ්න විසඳීම පමා වන බවට සැකයක් ඇති බවයි.

එවැනි ගැටුම් ඇති කර නොගන්නා ලෙස ද විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියා.