27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකූඨ ලේඛන සැකසූ යුවළක් අත්අඩංගුවට

කූඨ ලේඛන සැකසූ යුවළක් අත්අඩංගුවට

පොලීසිය විසින් වාහන ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික සහ වාහන ලියාපදිංචි සහතික ඇතුළු ලේඛන රැසක් ව්‍යාජ ලෙස සකස් කරන යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් ව්‍යාජ ලේඛන රැගෙන නුවරඑළිය නගරයට මොටර් රථයකින් පැමිණෙන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී ඔවුන් සතුව තිබී මෝටර් වාහන ලියාපදිංචි සහතික 03ක්, ආදායම් බලපත්‍ර 03ක්, රක්ෂණ සහතික 03, ෆිනෑන්ස් ආයතනයක නම සඳහන් වාරික ගෙවා අවසන් බවට සඳහන් ලිපි 03ක්, වාහන පැවරීම සම්බන්ධයෙන් විරුද්ධ නොමැති බව පැවසෙන ලිපි 03ක්, අංක තහඩුව නැති වී ඇති බවට පොලිසිය වෙත කරන ලද පැමිණිලි පිටපත් 03ක්, ජාතික හැඳුනුම්පත් 03ක් සහ තාවකාලික රියදුරු බලපත්‍රයක්ද සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 27 හැවිරිදි තරුණයෙක් හා හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියකි.