චැනල් ෆෝ වීඩියෝ එකේ අලුත් දෙයක් නොමැති බවත් එහි ඇත්තේ කාලයක් තිස්සේ ලාංකිකයින් දැන සිටි දේවල් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
අද 7 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව පැවසීය .
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ
2021 අප්‍රියෙල් මාසේ 19 වැනිදා ස්ථාන ගණනාවක පිපුරුන බෝම්බ විසින් ඇති වුන හානිය කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන වල විශාල පිරිසක් මිය ගියා.
තවත් විශාල පිරිසක් ආබාධිතයන් බවට පත්වුණා. ජනතාවට අති විශාල අසාධාරණයක් සිද්ධ වුණා.
ලංකාවේ සමාජයටම අසාධාරණයක් වුණා.
පොඩ්ඩක් එහා මෙහා වුණා නම් සිංහල මුස්ලිම් ජනතාව අතර ගැටුමක් ඇති වීමේ අවස්ථාව තිබුණා.
මේවට කිසි සම්බන්ධයක් නැති තරුණයෝ සිය ගණනක් අද වෙද්දි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසු වෙනවා.
ගෝඨාභය පාලන සමයේ දී සිදුකළ පළිගැනීම් සම්බන්ධ හොඳම උදාහරණ තියෙනවා එක්කෙනෙක් අන්නාෆ් ජසීම් කවියා ..
කවි පොතක් ලිවීම නිසා ඔහු අත්අඩංගුවට ගත්තා.
ඇත්තටම ඔහු ආගමික අන්තවාදයට එරෙහිව කවි ලියපු කෙනෙක්.
රාජපක්ෂවරුන්ගේ විවිධ දූෂණ හෙළි කරන්න ඒවාට අදාළ නීති කටයුතු වලට මැදිහත් වෙච්ච නීතිඥ හිජාස් හිස්බුල්ලා ඔහුව අරගෙන වසරකට වැඩි කාලයක් නීතිඥයෙකුට පවා හම්බෙන්න නොදී තියාගෙන හිටියා.
පාස්කු ප්‍රහාරය නමින් අසාධාරණයට ලක් වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. ඒ කිසිම කෙනකුට මේ ගෙවිච්ච කාලය ඇතුළේ අවම සාධාරණය වත් ඉටු වෙලා නෑ.
චැනල් ෆෝ වීඩියෝ එකේ අමුතු දෙයක් කියලා නෑ ඇත්තටම. මේකේ මොකක්ද කියලා තියෙන අලුත් දේ.
මව්ලානා ඉස්සෙල්ලා ඇවිල්ලා කිව්වට කාලයක් තිස්සේ මුළු රටක් දැනගෙන හිටපු දේවල්.
විදේශ රටක තියෙන රූපවාහිනි නාලිකාවක් ද අපිට කියලා දෙන්නෙ රාජපක්ෂලා පාස්කු ප්‍රහාරයට සම්බන්දයි කියලා.
මේක හරියට හිම වලස්සු ඇවිල්ලා ඔටුවන්ට කාන්තාරය ගැන කියලා දෙනවා වගේ.
මේ වැඩසටහන් ඒ නැති කෑලි තියෙනවා. එතකොට අගමැති ධූරයේ හිටියේ රනිල් රනිල් මේකට කරපු මැදිහත්වීම මොකක්ද.
රනිල්ලා චූදිත නිළධාරියෙක් ගේ වැඩ තහනම් කරන්න වත් ඉඩ දෙන්නේ නැතිව කොහොමද චූදිතයන් ආරක්ෂා කළේ.
රනිල් දැන් බලයේ ඉන්නවා දැන් මොකක්ද කරමින් ඉන්නෙ. පාර්ලිමේන්තු වාර්තාවට මොකක්ද උනේ ඒකට මුකුත් උන් නෑ.
අධිකරණය මෛත්‍රීපාල සිරිසේන ට වන්දියක් ගෙවන්න කිව්ව ඒක ගෙවලා නෑ. ඒවාට අදාළ මුකුත් ක්‍රියාමාර්ගය යන්නෙ නෑ. කවුරුහරි හිතනවනම් චැනල් ෆෝ වීඩියෝ හරහා පාස්කු වින්දිතයන්ට සාධාරණයක් වෙයි කියලා මෙච්චර කල් කරපු කිසිදු හෙළිදරව්වක සාධාරණය ඉෂ්ට වුණේ නැතිනම් විදේශ රටක රූපවාහිනී වැඩ සටහනක් නිසා මේකට සාධාරණයක් ඉටු වෙයි කියලා අපි හිතන්නේ නෑ.
මේකත් නිසැක වශයෙන්ම දේශපාලන බල සුදු වේ ඉත්තෙක් බවට පත් කරගන්න නියමිතයි.