26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරුවන්ගේ මන්දපෝෂණය ඉහළට

දරුවන්ගේ මන්දපෝෂණය ඉහළට

මෙම වසරේදී දිවයින පුරා උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15,763 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

ජුනි මාසයේ පැවති ජාතික පෝෂණ මාසයට සමගාමීව එම කාර්යංශය සිදු කළ සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

වයසට නියමිත බර නොමැති නම්, එවැනි දරුවන් අඩු බර සහිත දරුවන් ලෙස හැඳින්වෙන අතර, මේ වසරේ අඩු බර සහිත දරුවන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

ඉන් වැඩිම දරුවන් සංඛ්‍යාවක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර පෙර වසරේ 15.3%ක් ව පැවති අඩු බර සහිත දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේ 17%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

එසේම ගර්භිණී මව්වරුන්ගේ මන්දපෝෂණය සැලකීමේදී පෙර වසරට සාපේක්ෂව බර අඩු මව්වරුන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන අතර ගර්භිණී මව්වරුන් අතර රක්ත හීනතාව හෙවත් ඇනීමියා තත්ත්වයේද ඉහළ යාමක් දක්නට ලැබෙන බව සඳහන්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමීක්ෂණයට අනුව පෙර වසරේ 14.5%ක මට්ටමක පැවති අඩු බර දරු උපත් සංඛ්‍යාව මේ වසරේ 15%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පෙරට වඩා මේ වසරේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්වල දරුවන් අතර පවතින මිටි බවද ඉහළ ගොස් ඇති බව වාර්තා වන්නේ.