26 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot News රනිල්ට රාජපක්ෂලාට  හැංගෙන්න පොල් කට්ටක් වත් නැති වෙනවා

 රනිල්ට රාජපක්ෂලාට  හැංගෙන්න පොල් කට්ටක් වත් නැති වෙනවා

ආර්තික වශයෙන් සහ ලංකාව භූ දේශපාලන වශයෙන් ඉතාම අවදානම් තැනකට ඇද වැටී ඇති නිසා ජනතාවගේ පැත්තෙන් මේ පීඩනය පුපුරන වෙලාවට රනිල් ට රාජපක්ෂලාට හැංගෙන්න පොල් කට්ටක් වත් නැති වෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

අද 18 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ආර්ථිකයේ ඉතාම විශාල බිඳවැටීමක් තියෙනවා. ලංකාව භූ දේශපාලන වශයෙන් ඉතාම අවදානම් තැනකට ඇද වැටිලා තියෙනවා.

 ජනතාවගේ පැත්තෙන් මේ පීඩනය පුපුරන වෙලාවට රනිල් ට රාජපක්ෂලාට  හැංගෙන්න පොල් කට්ටක් වත් නැති වෙනවා කියන එක ඒගොල්ලෝ දන්නවා.අරගලයේ අත්දැකීම් ඒ අයට තියෙනවා.

ජනතාවගේ විරෝධය මත අහුලා ගත්ත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නැවත ගෙනල්ලා තියෙනවා. අලුතෙන් සම්මත කරලා තියෙන පනත් කෙටුම්පත ගත්තට පස්සේ  අර හානිකර දේවල් කිසිම දෙයක් වෙනස් කරලා නෑ.

 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තියෙන එක ආවේ රාජ්‍ය විරෝධී ක්‍රියා මර්දනය කරන්න කියලා. රාජ්‍ය විරෝධය වෙනුවට ආණ්ඩු විරෝධය මර්ධනය කරන්න මේක හදලා තියෙන්නේ.

ලංකාවේ නීති ඉතිහාසයේ පළමුවෙනි වතාවට මෙහෙම කරලා තියෙන්නේ. ලංකාවේ සමස්ත ජනගහනය ම ත්‍රස්තවාදීන් ලෙස පූර්ව උපකල්පනය කරලා තමයි මේ පනත හදලා තියෙන්නේ.

විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය අතර මෙතෙක් තිබුණු බලතුලනය මුළුමනින් ම අවුල් කරලා සම්පූර්ණ බල අධිකාරිය අරගෙන තියෙනවා විධායකය ව්‍යවස්ථාදායකය සහ පොලිසිය අතට අධිකරණයේ බලය පවා උදුරා ගෙන තියෙනවා.

 දැනටමත් අධිකරණයට ජනාධිපතිවරයා තර්ජනය කරමින් ඉන්නවා. ඊ පී එෆ් එක සම්බන්ධ ප්‍රශ්නයේදී තර්ජනය කළා. අධිකරණය මොන තීන්දුව ගත්තත් මම තීන්දු කරන්නේ පාර්ලිමේන්තුවේ තීරණය කිව්වා. කොහොමද එයා එහෙම කියන්නේ.

 විජේදාස රාජපක්ෂ බොරු නාඩගමක් නටලා නටලා අන්තිමට එකක් උස්සගෙන ඇවිල්ල තියෙනව මාර්තු මාසේ ගැසට් කරපු එකම තමයි මේ අරගෙන ඇවිල්ල තියෙන්නෙ සැප්තැම්බර් මාසේ 17 දිනැති ව.