32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගුවන් යානා ප්‍රමාදයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දැවැන්ත පාඩුවක්

ගුවන් යානා ප්‍රමාදයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දැවැන්ත පාඩුවක්

පසුගිය දිනවල සිදුවූ ශ්‍රීලන්කන් ගුවන්යානා ප්‍රමාදයෙන් වූ අලාභය සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඔහු පවසන්නේ ගුවන් ගමන් 8ක් ප්‍රමාද වීමෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6ක පාඩුවක් සිදුව ඇති බවත් මෙම අවස්ථාවේ සේවකයින් හට කිසිම දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට නොහැකි බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවාවන්හි ප්‍රමාදයන් පිළිබඳ පාලන අධිකාරිය සහ සියළුම වෘත්තීය සමිති නියෝජිතයින් සමග වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ අද (02) පැවති සාකච්ඡාවකදීයි.

එහිදී කරුණු දක්වමින් ඉංජිනේරුවන්ගේ වෘත්තීය සමිති නියෝජිතයින් පැවසුවේ ගුවන් යානාවල පැවති තාක්ෂණික දෝෂ හේතුවෙන් ප්‍රමාදයන් සිදු වූ බවයි.

එමෙන්ම අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ගමන් වාරවල ප්‍රමාදයන් සිදු වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවා පාරිපාලක අධිකාරිය සඳහන් කළා