25 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදක්ෂිණ අධිවේගයේ වසා දැමුණු කොටස 6 සිට යළි විවෘතයි

දක්ෂිණ අධිවේගයේ වසා දැමුණු කොටස 6 සිට යළි විවෘතයි

නාය යාමක් හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොට⁣සේ අද (13) සවස 6 .00 සිට කොළඹ සිට හම්බන්තොට දෙසට වම්පස මංතීරු 02 ක් දෙපසටම ගමන් කළ හැකි පරිදි වාහන ගමනාගමනයට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පසුගිය 11 වැනිදා පස් කන්දක් කඩා වැටීමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර මාර්ග කොටසේ 102 වන කිලෝමීටරය ආශ්‍රිත කෙටසේ මංතීරු හතරම අවහිර විය.

මෙම වූ නායයෑමෙන් අධිවේගී මාර්ග ආරක්ෂාවට යොදවා සිටි පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 7 දෙනෙක් තුවාල ලැබූහ.