27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලයට

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලයට

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලය වෙත පැමිණ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් උග්‍රවීම වැළැක්වීමේ අරමුණින් සාකච්ඡා සිදුකිරීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරයේ නිරත වන බවයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පසුගිය දින කිහිපය තුළ කටාර්, ජෝර්දානය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ඊජිප්තුව යන රාජ්‍යන්වල සංචාරය කිරීමෙන් අනතුරුවයි මෙලෙස ඊශ්‍රායලය වෙත පැමිණ ඇත්තේ.

එමෙන්ම ගොඩබිමින් සහ ගුවනින් ගාසා තීරයේ දැඩි ප්‍රහාරයක් සිදුකිරීමට ඊශ්‍රායලය සැලසුම් කර ඇති පසුබිමක අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලයට පැමිණීම විශේෂත්වයකි.