27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයෙක් බේරගන්න ගිය පොලිස් නිලධාරීන්ට වූ අකරතැබ්බ්ය

අයෙක් බේරගන්න ගිය පොලිස් නිලධාරීන්ට වූ අකරතැබ්බ්ය

වාලච්චේන ප්‍රදේශයේ සිරුරට ගිනි තබාගෙන සිටි බව කියන පුද්ගලයෙකු මුදා ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අකරතැබ්බයකට මුහුණ පා තිබේ.

පිළිස්සුම් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාද රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

වාලච්චේන – මාන්චෝලේ, පාසල පාරේ පිහිටි නිවසක සිරුරට ගිනි තබාගෙන සිටි බව කියන පුද්ගලයෙකු මුදා ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා වෙත, ගිනි තබා ගත් පුද්ගලයා කඩාපැන බදාගැනීම හේතුවෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ පිළිස්සුම් තුවාල ලැබූ වාලච්චේන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙකු මෙන්ම සිරුරට ගිනි තබා ගැනීම නිසා පිළිස්සුම් තුවාල ලැබූ 38 හැවිරිදි පුද්ගලයා වාලච්චේන සහ මඩකලපුව රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මැදපෙරදිග රටක රැකියාවක නිරතව සිටින බිරිඳට මුදල් එවන ලෙස ඉල්ලා බලකිරීම නිසා දෙදෙනා අතර හට ගත්තේ යැයි කියන ආරවුලක් දුරදිග යෑමෙන් පසු මෙම 38 හැවිරිදි පුද්ගලයා ඔහුගේ සිරුරට ගිනි තබාගෙන ඇති බවයි.