28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅල්ලස් කොමිසමට සමාජිකයින් පත්කිරීමට අයදුම්පත් කැඳවයි

අල්ලස් කොමිසමට සමාජිකයින් පත්කිරීමට අයදුම්පත් කැඳවයි

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ සමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළකර ඇති ආකෘතිය අනුව ලබන මස 6 වැනිදාට පෙර අදාළ අයදුම්පතක් පුරවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් යොමුකළ යුතු බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ.

නීතිය, අපරාධ විමර්ශනය කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම, වෝහාරික විගණනය සහ ගිණුම්කරණය, ඉංජිනේරු විද්‍යාව, ජාත්‍යන්තර සම්බන්ධතා සහ රාජ්‍යතාන්ත්‍රික සේවා, මහජන කළමනාකරණය හෝ රාජ්‍ය පරිපාලනය පිළිබඳ අවම වසර විස්සක පළපුරුද්දක් සහිත තැනැත්තන්ට මේ සදහා අයදුම් කිරීමේ හැකියාව පවතී.