29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වෙයි

ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වෙයි

දකුණු ගාසා තීරයේ පැය කිහිපයක සටන් විරාමයකට දෙපාර්ශ්වයම එකඟතාව පළකර ඇති බව වාර්තා වනවා.

පැය කිහිපයක් පවතිනු ඇති බවට විශ්වාස කෙරෙන මෙම සටන් විරාමයේ නිශ්චිත කාලසීමාව පිළිබඳව පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් එම තාවකාලික සටන් විරාමය සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟතාවය පළකර ඇති බව සඳහන්.

රොයිටර් පුවත් සේවය පැවසුවේ සටන් විරාමය පස්වරු 06:00 ට ආරම්භ වීමට නියමිත බවයි.

ඒ අනුව ගාසා හි සිවිල් වැසියන්ට ආරක්ෂිතව එම භූමියෙන් ඉවත්වීම සඳහා ඊජිප්තුව සහ ගාසා තීරය අතර රෆා දේශසීමාව තවත් පැය කිහිපයකින් විවෘත කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.