― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsකුමන වනෝද්‍යානයෙන් කෝටි 04ක ආදායමක්

කුමන වනෝද්‍යානයෙන් කෝටි 04ක ආදායමක්

වසර 04කට පසුව කුමන ජාතික වනෝද්‍යානය ඉහළ ආදායමක් උපයාගෙන ඇති බව උද්‍යාන භාරකාර ඩී.වී. සමරනායක පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ කාලය තුළ රුපියල් කෝටි 04ක පමණ ආදායමක් ලැබී ඇති බවයි.

එම කාලය තුළ දෙස් විදෙස් සංචාරකයන් 11,999 දෙනෙක් පැමිණ ඇති බවයි ඔහු අවධාරණය කළේ.

කුමන ජාතික වනෝද්‍යානයේ කොටි ගහණය 63ක් වන අතර එම සතුන් දැකබලා ගැනීම සඳහා සංචාරකයින් වැඩි උනන්දුවක් දක්වන බවයි උද්‍යාන භාරකාරු වැඩිදුරටත් කියා සිටියේ.