― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsකෘතිම බුද්ධිය නිසා රැකියා අහිමිවීමේ අවදානමක්

කෘතිම බුද්ධිය නිසා රැකියා අහිමිවීමේ අවදානමක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට දරුවන් සූදානම් කිරීමේදී ප්‍රධාන විෂය ක්ෂේත්‍ර තුනක නිපුණතා වර්ධනයට පමණක් අවධානය යොමු කිරීම හේතුවෙන් සමබර කුසලතා ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය නිපුණතා දරුවන්ට මඟහැරී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ හේතුවෙන් සමබර කුසලතා ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය නිපුණතා හතක් පමණ දරුවන්ට මඟහැරෙන බවයි.

මෙම තත්ත්වයෙන් මිදීම සඳහා පාසල් විෂය මාලාවට කොටු නොවී ඉන් බැහැරට ගමන් කරන අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් කරා වහා ගමන් කළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ඉදිරියේදී කෘත්‍රීම බුද්ධි විෂය ව්‍යාප්තියත් සමග ලෝකය පුරා දැනට පවතින බොහෝ රැකියාවන් මුළුමනින්ම ඉවත් වන බවත් වෛද්‍යවරුන්, නීතිඥයන් වැනි වෘත්තිකයන්ගේ පවා රැකියා ඉහළ අභියෝගයකට ලක් විය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.