22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති රනිල් චීනයට යයි

ජනපති රනිල් චීනයට යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සදහා ඊයේ (15) රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළෙන් චීනය බලා පිටත්ව ගියා.

චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුව සහ ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා අවශ්‍ය සාකච්ඡා පැවැත්වීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම නිල සංචාරයේ නිරත වනවා.

ජනාධිපතිවරයා සමඟ තවත් දූත පිරිසක් ද චීනය බලා පිටත්ව ගිය බවයි ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේ.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඊයේ (15) රාත්‍රී 09.46ට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ 232 දරණ ගුවන් යානයෙන් චීනයේ ෂැංහයි නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.