23.9 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබහින්බස් වීමක් දුරදිග ගොස් අයියා මල්ලිව එළොව යවලා

බහින්බස් වීමක් දුරදිග ගොස් අයියා මල්ලිව එළොව යවලා

කිරුළපන හයිලෙවල් පාර පදිංචි වැඩිමහල් සහෝදරයෙක් විසින් සිය බාල සොහොයුරාට පිහියකින් ඇන ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කිරුළපන, හයිලෙවල් පාර පදිංචිව සිටි ආර්. ඒ. අමිල සඳරුවන් නැමැති 29 හැවිරිදි එක්දරු පියෙක් බවයි.

ඝාතනය සිදු කළ 32 හැවිරිදි වැඩිමහල් සහෝදරයා ඝාතනයට යොදාගත් පිහියත් සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් අවධාරණය කළේ ඝාතනයට ලක්වූ පුද්ගලයා තදින් අයිස් හා හොරයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින අතර ඊයේ (15) ඔහු මවගෙන් මුදල් ඉල්ලා කරදර කිරීම හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් වැඩිමහල් සහෝදරයා විසින් බාල සොහොයුරාගේ පපු ප්‍රදේශයට පිහියෙන් ඇන මෙම ඝාතනය සිදු කර ඇති බවයි.