― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමෙරට ජනගහණයෙන් 30%කට ජල හිඟයක්

මෙරට ජනගහණයෙන් 30%කට ජල හිඟයක්

මෙරට ජනගහණයෙන් 30%ක් කඩින් කඩ ඇතිවන නියඟ හේතුවෙන් උග්‍ර ජල හිඟ තත්ත්වයන්ට මුහුණ දෙන බවත් මෙරට සෑම දස දෙනකුගෙන් හතර දෙනකුට තවමත් නළ ජලය නොමැති බවත් අනාවරණය වී තිබෙනවා.

අදට (16) යෙදෙන ‘ලෝක ආහාර දිනය’ නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය නිකුත් කළ නිවේදනයකයි මේ බව දැක්වෙන්නේ.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ මෙරට සහ මාලදිවයිනේ නියෝජිත විමලේන්ද්‍ර ශරන්, ලෝක ආහාර වැඩපිළිවෙළෙහි මෙරට නියෝජිත සහ අධ්‍යක්ෂ අබ්දුල් රහීම් සිද්දිකී සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ මෙරට සහ මාලදිවයිනේ අධ්‍යක්ෂ ශෙරීනා බස්සම් විසිනුයි මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත්තේ.

කෘෂිකර්මාන්තය පදනම් කරගත් වියළි සහ අතරමැදි කලාපවල පදිංචි ජනතාව, වසර දෙකකට වරක් අධික ලෙස පවතින නියඟ තත්ත්වයන් නිසා උග්‍ර ජල හිඟයකට මුහුණ පාන බවත් නියඟයට මුහුණ දෙන ජනතාව රටේ භූමි ප්‍රමාණයෙන් 70%ක් නියෝජනය කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ලංකාව ජල සම්පතෙන් පොහොසත් වුවද ජල කළමනාකරණයේදී අභියෝගවලට මුහුණ දී සිටින බවත් ලෝක ආහාර සංවිධානය 2021 වසරේදී නිකුත් කරන ලද වාර්තාවක ‘ජලයෙන් අධිකව ආතතියට පත් ‘ යනුවෙන් ලංකාව වර්ගීකරණය කර ඇති බවත් එහි සඳහන්ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව සෑම වසරකම ලොව පුරා නිපදවන සියලුම ආහාරවලින් තුනෙන් එකක් එනම් ඩොලර් ට්‍රිලියන 1 ක් පමණ වටිනා ආහාර මෙට්‍රික් ටොන් බිලියන 1.3 ක් අස්වැන්න නෙළන විට සහ ප්‍රවාහනයේදී අපතේ යයි.