27.2 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝහල් 06ක එක්ස් කිරණ පරීක්ෂණ නවතියි

රෝහල් 06ක එක්ස් කිරණ පරීක්ෂණ නවතියි

මෙරට රෝහල් 06ක එක්ස් කිරණ පරීක්ෂණ නතර කර ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පැවසුවේ එලෙස එක්ස් කිරණ පරීක්ෂණ නවත්වීම හේතුවෙන් කිරිබත්ගොඩ මූලික රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල, ඇහැළියගොඩ මූලික රෝහල, බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල සහ තවත් රෝහල් දෙකක සැත්කම්වලට බාධා එල්ල වී ඇති බවයි.

එක්ස් කිරණ පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය කාර්ය මණ්ඩල හිඟය මීට ප්‍රධාන හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.