― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsලෝක ආහාර දිනය අදයි

ලෝක ආහාර දිනය අදයි

ලෝක ආහාර දිනය අදට (16) යෙදී තිබේ.

මෙවර ලෝක ආහාර දිනයේ තේමාව “ජලය ජීවය සැපයීමයි” යන්නයි.

මේ වසරේ තේමාව ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් වන බවයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෑත කාලීන අර්බුදවලින් ප්‍රකෘතිමත් තත්ත්වයට පැමිණෙද්දී ශ්‍රී ලංකාව දිගුකාලීන තිරසාර බවට ප්‍රමුඛත්වය දෙමින් එහි සියලුම පුරවැසියන්ට ආහාර ආරක්ෂිතතාව සහතික කරමින් සහ සෙසු රටවලට ආදර්ශයක් ලබා දෙමින් කෘෂිකර්මාන්තය, ආහාර නිෂ්පාදනය සහ ජල කළමනාකරණය යන ක්ෂේත්‍රවල විප්ලවීය වෙනසක් ඇති කළ යුතු බවයි.