― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලෝක කුසලානයේ ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තරගය අද

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගය අද

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන තෙවන තරගය අද (16) පැවැත්වෙනවා.

ලක්නව්හිදී පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සහභාගී වූ පළමු තරග දෙකම පරාජයට පත්ව සිටින අතර දෙපිළටම තරගාවලියේ ඉදිරි ගමන වඩාත් පහසු කිරීමට නම් මෙම තරගයේ ජය කණ්ඩායම් දෙකටම වැදගත් වනවා.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට හිමිව තිබෙනවා. ඒ නිත්‍ය නායක දසුන් ශානක ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීමත් සමගයි.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ම සිදුවෙනු ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ අවස්ථා දහයක දී එකිනෙකා මුණහැසී තිබෙනවා.

මෙහිදී වැඩි ගෞරව අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව ඇත්තේ ඉන් තරග අටකම ජයග්‍රහණය හිමිකර ගැනීමත් සමඟයි.

ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ එක් ජයග්‍රහණයක් පමණයි. එලෙස ලැබූ ජයග්‍රහණය 1996 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී ලැබූ ජයග්‍රහණය ලෙසටයි ඉතිහාසගත වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාව අද දිනයේ දී තරග බිමට පිවිසෙන්නේ වසර 27කට පසු එක්දින ලෝක කුසලාන තරගයක ඕස්ට්‍රේලියාවට එරෙහිව ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්.

මේ අතර විචාරකයින් පවසන්නේ තරගාවලියේ කණ්ඩායමේ දෙකම ක්‍රීඩා කර ඇති පළමු තරග දෙක දෙස බලන විට ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා තරමක් ඉදිරියෙන් සිටින බවයි.