26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශාෆ්ටර්ගේ දේහය භූමදානය කිරීමට අවසර

ශාෆ්ටර්ගේ දේහය භූමදානය කිරීමට අවසර

විමර්ශන කටයුතු සඳහා ගොඩ ගනු ලැබූ ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මෘත ශරීරය භූමදානය කිරීම සඳහා අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අවසර ලබා දුන්නා.

ඒ අනුව මරණකරුගේ බිරිඳ විසින් කොළඹ ජාවත්ත සුසාන භූමියේ මිලදී ගෙන තිබෙන බිම් කඩක ඔහුගේ දේහය භූමදානය කිරීමටද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළා.

ශාෆ්ටර්ගේ දේහය ආදාහනය කිරීම නුසුදුසු බවට ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් කර තිබු නිර්දේශ බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළේ.

ඉන් අනතුරුව මෙම පරීක්ෂණය ලබන 31 වැනිදා යළි කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එදින විමර්ශන පැවැත්වූ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කර සිටියා.