― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසාමාන්‍ය පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

2022 වසර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

විභාග කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ පැවැත්වූ සා/පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන නොවැම්බරයේදී නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

මේ දිනවල අදාළ ප්‍රතිඵල පරිගණකගත කෙරෙමින් පවතින බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා. 2021(2022) ට නියමිත සා/පෙළ විභාගය පැවැත්වීම දින නියමයක් නොමැති ව මෙන්ම, විවිධ අර්බුද මත කල් ගියා.

රටේ පැවති දැඩි දේශපාලන ව්‍යාකූලත්වය, ආර්ථික අර්බුදය සහ ගුරුවරුන් – විදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණ ක්‍රියාපටිපාටිය සහ උත්තර පත්‍ර බැලීම උසස් පෙළ විභාගයේ පවා කල් යාම මතයි සා/පෙළ විභාගය වරින්වර බාලගිරි දෝසයට ලක් වූයේ.

කෙසේවෙතත් අවසානයේදී එම විභාගය මෙම වසරේ මැයි මස 22 වැනි දින සිට ජුනි මස 01 වැනි දින තෙක් පැවැත්වීමට කටයුතු සූදානම් කෙරුණා.

ඊයේ දිනය වනවිට විවිධ සමාජ මාධ්‍ය ජාලාවල පළ ව තිබුණේ සා/පෙළ ප්‍රතිඵල එළඹෙන 19 වැනි දින නිකුත් කෙරෙන බවයි. නමුත් එම තොරතුර සාවද්‍ය බවටයි වාර්තා වන්නේ.

2022 වසරට අදාළ ව සාමාන්‍ය පෙළ විභාගයට මෙවර අපේක්ෂකයින් 517,496ක් සුදුසුකම් ලබා තිබුණා. ඉන් 407,129 ක් පාසල් අයදුම්කරුවන්.
ඉතිරි 110,367 දෙනා පෞද්ගලික අයදුම්කරුවන් බවයි වාර්තා වුණේ.

දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 3,844කදී මෙම විභාගය පැවැත්වුණු අතර විභාග කටයුතු සම්බන්ධීකරණය සඳහා තවත් මධ්‍යස්ථාන 542ක් ස්ථාපිත් කර තිබුණා.

විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 590 දෙනෙකු ද මෙවර සා/පෙළ විභාගයට ඉදිරිපත් වුණා. මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්නපත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමට කටයුතු කළ පුද්ගලයින්ට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.