23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅපි ඉන්නකන් ජනතාවගේ කට වහන්න ආණ්ඩුවට ලේසි නෑ

අපි ඉන්නකන් ජනතාවගේ කට වහන්න ආණ්ඩුවට ලේසි නෑ

සමාජ මාධ්‍ය පනතෙන් රජය කරන්නේ ජනතාවගේ කට වැසීමට බවත් අපි ඉන්නකන් රජයට එය ලේසි වන්නේ නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (17) අභාවප්‍රාප්ත හිටපු පොලිස්පති වික්ටර් පෙරේරාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.

සමාජ මාධ්‍ය පනත ආණ්ඩුව ගේන්න හදන්නේ ජනතාවගේ කට වහන්න. ඒ පනත ගේනවට අපි විරුද්ධයි. අලුත් පොලිස්පතිවරයෙක් පත් කරනකන් සී.ඩී. වික්‍රමරත්න පොලිස්පතිතුමා ධුරයේ කටයුතු කරයි. අපි ඕනේ වෙලාවක ආණ්ඩුව සමඟ සන්ධානගත වෙන්න ලෑස්තියි.