26.1 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති රනිල් හා ඉන්දුනීසියානු ජනපති අතර හමුවක්

ජනපති රනිල් හා ඉන්දුනීසියානු ජනපති අතර හමුවක්

මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ බීජිං නුවරදී සාකච්ඡා පවත්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, බීජිංහි පැවති ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන මාර්ග සංසදයට සමගාමීව රාජ්‍ය නායකයින් සාකච්ඡා කළ බවයි.

ජනාධිපති වික්‍රමසිංහ සහ ජනාධිපති විඩෝඩෝ දෙරට අතර දේශපාලන, සංස්කෘතික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ (16) චීනය බලා පිටත්ව ගියේය.