― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජෝ බයිඩන් හදිසියේම ඊශ්‍රායලයට

ජෝ බයිඩන් හදිසියේම ඊශ්‍රායලයට

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බදාදා ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බව තොරතුරු වාර්තා වනවා.

හමාස් සටන්කාමීන්ට එරෙහි යුද සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම බයිඩන්ගේ මෙම හදිසි සංචාරයේ අරමුණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

හමාස් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඊශ්‍රායලයට අයිතිය සහ යුතුකමක් ඇති බව ජෝ බයිඩන් ජනාධිපතිවරයා අවධාරණය කරනු ඇතැයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසනවා.

මේ අතර ගාසා තීරයට ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 2,800කට වැඩි පිරිසක් මිය ගිය බව පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය වන WAFA වාර්තා කරනවා.

හමාස් සටන්කාමීන්ගේ ‘ක්වසාම්’ බලඇණිය පවසන්නේ ඔවුන්ගේ ග්‍රහණයේ ඊශ්‍රායලයෙන් අල්ලා ගත් 250ක පිරිසක් සිටින බවයි.

සුදුසු වාතාවරණයක් උදා වූ සැණින්, තම ග්‍රහණයේ පසුවන එම පිරිස මුදාහැරීමට පියවර ගන්නා බව ද ‘ක්වසාම්’ බලඇණිය වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඊශ්‍රායලය හමුදා ගාසා තීරයේ දේශසීමා ආසන්නේ මේ වනවිටත් කඳවුරු ලා සිටින අතර,ගොඩබිම් ආක්‍රමණය සඳහා නියෝගය ලැබෙන තෙක් ඔවුන් මෙලෙස දේශසීමා ආසන්නේ රැඳී සිටිනවා.

චීනයේ ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) සටන් විරාමයක් ඉල්ලා ඇති අතර ඊශ්‍රායලයේ සහ පලස්තීන ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස චීන රජය දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.