26.7 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් සය නිවුන් දරු උපතක් මෙරටින්

තවත් සය නිවුන් දරු උපතක් මෙරටින්

මෙරටින් සය නිවුන් නලදරු උපතක් වාර්තා වී තිබෙනවා.

කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේදීයි මෙම මව සිය දරු ප්‍රසූතිය සිදු කර ඇත්තේ.

රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කළේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මවක් මෙලෙස නිරෝගී පිරිමි දරුවන් 6 දෙනෙකු බිහි කර ඇති බවයි.

අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ බිළිදුන් හයදෙනාගෙන් දරුවන් 05 දෙනෙක් කාසල් රෝහලෙත්, එක් දරුවෙක් ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබන බවයි.

මීට පෙරද 2021 වසරේ ඔක්තෝම්බර් මස 21 වැනිදා මෙරටින් සය නිවුන් උපතක් වාර්තා විය.