ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවනු ලැබූ වාරණය ඉවත් කිරීමේ ක්‍රමවේදයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ විරෝධය එල්ල වී තිබෙනවා.
අද පෙරවරුවේදී ධනුෂ්කට එරෙහි ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් පනවා තිබූ වාරණය ඉවත් කළේ පසුගියදා ඔහු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණයෙන් සම්පූර්ණයෙන් ම නිදොස් කොට නිදහස් කිරීමේ සිදුවීම සම්බන්ධවයි.
නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ධනුෂ්කගේ ක්‍රියා කලාපයට එරෙහි ව මෙරට අධිකරණය තුළ නඩුවක් පවතින බැවින් අධිකරණයට නොදන්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පැනවූ තහනම ඉවත් කිරීමට තනි තීරණයක් ගත නොහැකි බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති උපදෙස් ගන්නේ කාගෙන් ද දැයි තමන් නොදන්නා බවත් ක්‍රිකට් ආයතනය මෙරට නීතිය නොදන්නා බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කරනවා.
ක්‍රීඩා අමාත්‍යංශය විසින් ධනුෂ්කගේ ක්‍රිකට් තහනම පැනවූයේ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව බවත් ක්‍රීඩා සභාවේ මැදිහත්වීමෙන් නීතිපති උපදෙස් රහිතව නැවත තහනම ඉවත් කිරීමේ හැකියාවක් නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ පිළිබඳව ක්‍රීඩා සභාවේ මතයද තමන් විමසන බව ද හෙතෙම පැවසුවා. මීට අමතර ව එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ පත්ව තිබෙන තත්ත්වය පිළිබඳව ද අමාත්‍යවරයා ද මෙහිදී අදහස් දැක්වූවා.