25 C
Colombo
Thursday, October 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය අද (17) රාත්‍රී 11.30 දක්වා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ උතුරු, උතුරුමැද, වයඹ, ඌව සහ දකුණු පළාත්වලත් මහනුවර දිස්ත්‍රක්කයේත් අද (17) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණුද ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව අකුණුවලින් ආරක්ෂා වීමට පහත පියවර අනුගමනය කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා.